top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Son (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

SON (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටි අතරින් හොඳ තත්වයේ horror චිත්‍රපටියක්. අයර්ලන්තයේ නිෂ්පාදනයක් විදියට ආවත්, හොලිවුඩය ආක්‍රමණය කරපු සිනමා පටයක් මේ. Dublin International Film Festival 2021 දී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය සඳහා හිමි George Byrne Maverick Award සම්මානය දිනාගන්න මේ චිත්‍රපටිය සමත්වෙනවා.


චිත්‍රපටියේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය Ivan Kavanagh විසින්. ලස්සනට ගලාගෙන යන කතාවක් ඒ විදියටම චිත්‍රපටියට ගොඩනගන්න මේ අධ්‍යක්ෂකවරයා සමත්වීම නිසාම තමයි හොඳම චිත්‍රපටිය ලෙස මේක තේරී පත්වෙන්නේ. ළමා නළුවෙක් ප්‍රධාන චරිතයට සිටින නිසාම, මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ළමා නළු Luke David Blumm ඉතා දක්ෂ රඟපෑමක නිරත වෙනවා. අනිත් ප්‍රධාන චරිත වලට Andi Matichak, Emile Hirsch, Cranston Johnson දායක වෙනවා.


පැය 1 විනාඩි 38ක් පුරා දිවෙන මේ කතාවට මේ වෙනකොට තියෙන ratings මෙහෙමයි. IMDB 5.5, Rotton Tomatoes 71%, Screen Rant 3.5/5, Google Users 58%. මේ ලිපිය ලියන දවසේ තත්වයයි මේ.


කතාව ගැනත් පොඩියට කිව්වොත්, හැමදේම සිද්ධ වෙන්නේ කුඩා ඩේවිඩ්ට වැළඳෙන හඳුනාගත නොහැකි රෝගයක් නිසා. මේ රෝගය අම්මාගේ, ලෝරාගේ අතීතය හා සම්බන්ධයි කියලායි ඇය හිතන්නේ. ඒ භයානක අන්තගාමී ආගමික කල්ලියකට ඇගේ පියා සම්බන්ධ නිසා සහ ඇයව අපයෝජනයට ලක්වී ඇති නිසා. දරුවාගේ අසනීපය මොන වගේද? එය සනීප වෙන්නේ කෙසේද? අම්මා කෙනෙක් විදියට ලෝරා මොන දේ කරයිද දරුවාව සනීප කරගන්න?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


댓글 1개


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
2021년 4월 09일

ගොඩක් ස්තූතියි සබ් එකට 🙂❤

좋아요
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page