top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Strange World (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු ‍හැමදේම... ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ ගවේෂකයෙක්. එයාගේ එකම අරමුණ වුනේ, ඈත පේන කඳු වලින් එහා තියෙන දේ හොයාගෙන යන එක. හැබැයි, එහෙම යන්න පාරක් හොයාගන්න නෑ. එහෙම හොයාග‍ෙන යන අතරතුර, ජේගර්ගේ පුතා, සර්චර්, හොයාගන්නවා පැන්ඩෝ නම් පැළයක්... ඒකෙන් මුළු ඇවලෝනියාවටම අවශ්‍ය බලය දෙන්න පුළුවන්... ටික කාලයකින්, මේ පැන්ඩෝ මියදෙන්න පටන් ගන්නවා. ඒ පැන්ඩෝට හැදිලා තියෙන අසනීපය හොයාගෙන යන කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඒ අතරතුර, හොයාගන්න ලැබෙන අත්භූත ලෝකයක් ගැනත් මේකෙන් දැනගන්න පුළුවන්.


Don Hall විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, Roy Conli තමයි නිෂ්පාදනය කලේ. Walt Disney Pictures ආයතනයේ හත්වෙනි animated film එක මේ. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. Walt Disney Pictures ආයතනය විවෘතව සමලිංගික සම්බන්ධතා ගැන කතා කරපු පළවෙනි චිත්‍රපටිය මේක. තම කටහඬ ලබාදෙමින් චිත්‍රපටිය වර්ණවත් කරපු අය, Dennis Quaid (ජේගර් ක්ලේඩ්), Jake Gyllenhaal (සර්චර් ක්ලේඩ්), Jaboukie Young-White (ඊතන් ක්ලේඩ්), Gabrielle Union (මෙරීඩියන්) ඇතුළු පිරිසක්.


වෙනස් විදියක කතාවක් රසවිඳින්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මේ සිංහල උපසිරැසිය ඒ රසවින්දනයට උපකාරි වෙයි කියලා හිතනවා. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල තියෙන හොඳ නරක, අඩුපාඩු, ගල් මල්, අපිට කියන්න. ඒකෙන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්. එහෙනම්, හොඳින් රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page