top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Boy (2016) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි අරගෙන ආවේ ටිකක් වෙනස් සිනමා පටයකට. Horror වර්ගයේ එකක්. මේ සිනමා පටය ටිකක් පරණ වුනාට, හැමෝගෙම අවධානය ආයේ දිනා ගත්තේ දෙවෙනි කොටස මේ අවුරුද්දේ එලි දක්වපු නිසා. ඒකත් ළගදීම උපසිරැසි කරන්න හිතාගෙන ඉන්නවා.

The Boy එලිදැක්වූයේ 2016 මාර්තු 18 වෙනිදා එංගලන්තයේදී. William Brent Bell විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණපොවන්නේ Lauren Cohan, Rupert Evans, James Russell. මේ වෙනකොටත් මේක IMDB 6.0 අරගෙන තියෙනවා. අනිත් වෙබ් අඩවි වලත් ජනප්‍රියයි.

කතාව කෙටියෙන් කියනවානම්, ඉතා කෙටියෙන්, මොකද බය හිතෙන කතා වල වැඩිපුර විස්තර කියන්න මම කැමති නැති නිසා. ඇමරිකානු කෙල්ලෙක් (ග්‍රේටා) එනවා එංගලන්තයේ පැරණි නිවසක ළමයෙක් බලාගැනීමේ රස්සාවකට. ඇත්තටම මේ ළමයා බෝනික්කෙක් කියලා දකින ඇය පුදුම වෙනවා. හැබැයි පවුලේ අයට මේක සාමාන්‍යයි. මේ ළමයා බලාගැනීමේදී පිලිපැදිය යුතු නීති රීති ලැයිස්තුවක්ම තියෙනවා. මේව පිලිනොපැද්දොත් වෙන්නේ හොදක් නෙමෙයි කියලා අවවාදයකුත් ඇයට ලැබෙනවා. මේ ළමයා එක්ක ඉදිරියේදී වෙන දේ තමයි චිත්‍රපටිය බලලාම දැන ගන්න වෙන්නේ...

වැඩි විස්තර බලාගන්න පුලුවන්





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



මේකේ උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.





බාගන්න කැමති නම්





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page