top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Dry (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා ප්‍රශ්නයක් තියෙනවා. වැඩිපුර තැන් වල තියෙන්නේ 2020 අවුරුද්දේ එකක් කියලා. ලස්සන, කඩවසම් නළු නිළියන් සහ වයසට ගැලපෙන චරිතවලට ගැලපෙන නළු නිළියන් යොදාගෙන කරලා තියෙන චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න කැමතියි. මේ වෙනකොට ලොකේ පුරාම ඩොලර් මිලියන 17කට වඩා උපයගෙන තියෙන මේ චිත්‍රපටිය හොඳ ජනප්‍රියතාවයකුත් පවත්වාගෙන යනවා. මේ ලිපිය ලියනකොට ratings තිබ්බේ IMDB 7.0, RottenTomatoes 90%, Metacritic 69%, Google Users 89% විදියට.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන Robert Connolly විසින්. ඔහු ජනප්‍රිය රූපවාහිණි කතා මාලා සහ චිත්‍රපටි කිහිපයකම නිෂ්පාදන කටයුතුත් කරලා තියෙනවා. රඟපෑමෙන් එක්වෙනවා, ප්‍රධාන චරිතය විදියට Eric Bana (ආරෝන්) සහ ඔහුගේ සහායට Genevieve O'Reilly (ග්‍රේචන්), Keir O'Donnell (ග්‍රෙග්), John Polson (ස්කොට්), Matt Nable (ග්‍රාන්ට්) ඇතුළු කණ්ඩායමක්.


මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න ඉල්ලුවේ Kantha_DLA. හොඳ චිත්‍රපටි වලට අපිව යොමුකරනවාට ගොඩාක් ස්තූතියි.


කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ආරෝන් ෆෝක් කියන්නේ හොඳ දක්ෂ පොලිස් නිළධාරියෙක්. ඛේදජනක මළගෙදරක් හේතුවෙන් ආපහු තමන් උපන් ගමට එන්නේ, දැඩි නියඟයකින් නගරයම පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක. එ් පැමිණිමේදී ඔහුට සිද්ධ වෙනවා, මළගෙදර මියගිය තිදෙනාගේ මරණයට හේතුව සෙවීමට. ඒ අතරේම අවුරුදු 20කට කලින් මරණයට පත් වෙච්ච තරුණ කෙල්ල‍කගේ මරණයට හේතුවත් හොයන්න සිද්ධ වෙනවා. මේ කාර්යයන් සාර්ථක කරගන්න ආරෝන්ට කරන්න පුළුවන් මොනවාද? තරුණ කෙල්ලගේ මරණය ආරෝන්ට බලපාන්නේ කොහොමද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾 🙂❤

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page