The Man in the White Van (2024) සිංහල උපසිරැසි

1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හර්නන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක සිංහල උපසිරැසි තමයි මේ අරගෙන ආවේ. The Man in the White Van (2024) චිත්‍රපටිය. ඇත්තටම මේක මුලින්ම ප්‍රදර්ශනය කලේ Newport Beach Film Festivalහිදී. ඒ 2023 අවුරුද්දේ. හැබැයි චිත්‍රපටිය ප්‍රදර්ශණයට එකතු කලේ 2024 දෙසැම්බර් 13. ඒ නිසා මම වැඩියෙන්ම කැමතියි මේක 2024 අවුරුද්දේ චිත්‍රපටියක් කියලා හඳුන්වන්න.
1974 හැලොවීන් සමයේදී ඇනීට අමුතු විදියේ අත්දැකීමකට මුහණ දෙන්න වෙනවා. ඒ සුදු පැහැති වෑන් රථයක් ඇයගේ පසුපසින් පැමිණීම. මේ ගැන දෙමාපියන්ට සහ සහෝදරියට පැවසුවත්, සාමාන්‍යයෙන් ඇනී නිතරම දේවල් වැඩි කරලා පවසන නිසා, වෑන් රථය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒත් මේක ඇත්ත තර්ජණයක්ද? නැත්නම් ඇනී ඇත්තටම මේ සිතින් මවාගත්ත දෙයක්ද? මේක තමයි කතාව. වැඩි විස්තර දැනගන්න, මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.
Warren Skeels තමයි මේක අධ්‍යක්ෂණය කලේ. රඟපෑමෙන් දායක වෙනවා Madison Wolfe (ඇනී), Brec Bassinger (මාග්‍රට්), Skai Jackson (පැටී), Noah Lomax (මාර්ක්) ඇතුළු පිරිසක්. Web ratings ගැනත් මතක් කලොත්, මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 5.8, Rotten Tomatoes 59%, Google Users 87% ලබාගෙන තිබ්බා.
තව දෙයක් කියන්න ඕනේ. අපේ සංස්කෘතියේ තරුණයන් සිප ගැනීම ගැන පවතින්නේ වෙනස් මතයක්නේ. මේ චිත්‍රපටියත් තරුණයන්ගේ චිත්‍රපටියක් නිසා ඒ වගේ සිපගැනීම් කීපයක් දකින්න පුළුවන්. දැනගෙන බලන්න.
එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳියි කියලා බලාපොරොත්තු වෙනවා. ජයවේවා!!
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.
මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
コメント