top of page

The Night House (2020) සිංහල උපසිරැසි


The Night House (2020) කියන්නේ තවත් බයහිතෙන ලස්සන චිත්‍රපටියක්. ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් යොදාගෙන තියෙන නිසාම, සාමාන්‍ය බය හිතෙන චිත්‍රපටි වලට වඩා වෙනස් ස්වරූපයක් අරගන්නවා. චිත්‍රපටියේ තේමාව නිසාම, ප්‍රධාන නිලියට මුළු චිත්‍රපටියේම රඟපාන්න සිද්ධ වෙලා තියෙනවා. හරියට එයා තනියම රඟපෑවා වගේ. ඒ වගේ චරිතයකට ඉතාම සුදුසු නිළියක් තෝරාගෙන තිබීමම, මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට හේතු වුනා කියන්න පුළුවන්. මේ ලිපිය ලියන විට මේ චිත්‍රපටියේ ratings තිබ්බේ, IMDB 6.5, RotttenTomatoes 87%, Metacritic 68%, Google Users 74% තම මනාපය පල කරමින්.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ David Bruckner විසින්. මේ ඔහුගේ අති සාර්ථක චිත්‍රපටි අතරින්, ඉහල තැනක් අරගත්ත එකක්. නළු නිලියන් ‍තෝරා ගැනීම ලේසි පාසු දෙයක් නෙමෙයි මේ චිත්‍රපටියට. ඒ අභියෝගය අරගෙන, ජයගෙන, චිත්‍රපටියේ රඟපාන්නේ Rebecca Hall (බෙත්), Sarah Goldberg (ක්ලෙයාර්), Evan Jonigkeit (ඕවන්) සහ Stacy Martin (මැඩලින්) ඇතුළු සුළු කණ්ඩායමක්. මේ අතරින් බෙත්ගේ චරිතය රඟපාන Rebecca Hall අති විශිෂ්ඨ රංගනයක නිරත වුනා කියන්න පුළුවන්.


කතාව කෙටියෙන් කියන්නම්. බෙත් කියන්නේ සෑහෙන කාලයක් විවාහ ජීවිතය ගත කරපු වැන්දඹුවක්. එයාලා ජීවත් වෙන්නේ, සැමියා විසින් බෙත් වෙනුවෙන්ම සාදා නිම කරනු ලැබූ, වැවක් අසල ලස්සන නිවසක. සැමියාගේ මරණයෙන් දවස් කීපයකට පසුව, බෙත්ට දැනෙනවා, සැමියාගේ හොල්මන ඇය පසු පස්සේ එන බව. මේ පිළිබඳව වැඩි විස්තර සොයා යන බෙත්ට හමුවෙන්නේ, සැමියා පිළිබඳ විශ්වාස කල නොහැකි දේවල් කිහිපයක්. බෙත්‍ ගේ ඉදිරි ජීවිතය ගැන කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසි සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.


The Night House 2021
.zip
Download ZIP • 25KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



15 views0 comments
bottom of page