top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Portable Door (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ. පෝල් කාපෙන්ටර්, මේ සමාගම සමඟ ඒකතු වෙන්නේ ඉතා අහම්බයකින්. එහිදී පෝල්ට මුණ ගැහෙනවා, ඔහු වගේම පුහුණු වෙන තනතුරකට ආපු සොෆීව. සමාගමේ සභාපතිතුමා පෝල්ට භාර දෙන්නේ භාරදූර කාර්යයක්. ඒ් නැති වුණු දෙයක් හොයන්න. මේ මායා ලෝකයක සිදුවන ක්‍රියාවන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.


සාමාන්‍ය මායා ලෝකයක, කල්පිත සිදුවීම් අලලා කෙරෙන චිත්‍රපටි වලට වඩා වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන චිත්‍රපටියක් තමයි මේ. සුපිරි බල, සුපිරි මායාවන්, පිශාචයෝ (ගොබ්ලින්ස්) සමඟින් චිත්‍රපටිය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එක දිගට බලන්න පුළුවන් කතාවක් තමයි මේ.




Tom Holt නම් බ්‍රිතාන්‍ය කල්පිත නවකතා රචකයාගේ නිර්මාණයක් වුණු The Portable Door පොත ඇසුරෙන් තමයි මේ The Portable Door (2023) චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Jeffrey Walker විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වුණු එකක්. රඟපෑමෙන් දායක ‍‍වන්නේ Patrick Gibson (පෝල් කාපෙන්ටර්), Sophie Wilde (‍‍‍සොෆී පෙටින්ගේල්), Christoph Waltz (හම්ප්‍රි වෙල්ස්), Sam Neill (ඩෙනිස් ටෑනර්) ඇතුළු පිරිසක්.


ඕස්‍ට්‍රේලියාවේ Stan ආයතනය මඟින් අන්තර්ජාලයේ විකාශය කිරීම ආරම්භ ක‍ලේ 2023-04-07 වෙනිදා. මේ කෙටි කාලය ඇතුලත විශාල ජනප්‍රියතාවයක් මේ චිත්‍රපටිය ලබාගත්තා. තවමත් වෙබ් රේටිං ගැන කතා කරන්න කල් වැඩියි කියලායි මගේ අදහස.


එහෙනම්, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ‍මේ පාර අළුත් අවුරුද්දම ගෙවුනේ උපසිරැසි කොටලා. ගෙදර අයගේ සහ‍යෝගය හොඳ නිසා හොඳයි. නැත්නම් මාව ගෙදරිනුත් එලවලා. හැමදාම වගේ ඔයාලාගේ අදහස් උදහස්, ගුණ දොස්, වැරදි අඩුපාඩු අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.

උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Commentaires


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page