The Sin (2024) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Sep 15, 2024
- 1 min read

නර්තනය හදාරන ශිෂ්‍යාවක් වන සී-යන්ග් ට ලැබෙනවා පර්යේෂණාත්මක චිත්‍රපටියක චරිතයක් නිරූපණය කරන්න. මේ නර්තනය හරිම අමුතු එකක්. ඒ වුනත්, සී-යන්ග් තමන්ගේ උපරිමයෙන් ඒ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මේ චිත්‍රපටිය රූගත කරන අතරතුර, සී-යන්ග් ගේ නර්තනය නිසා යම් දෙයක් සිදු වෙන බව කට්ටියට දැනෙනවා. ඒ කණ්ඩායමේ අය එකෙන් එක මිය යන්න පටන් ගත්තා ම.
හොල්මන්, නැත්නම් බය හිතෙන ඝනයට වැටෙන චිත්‍රපටියක් තමයි මේ. හරිම වෙනස් විදියේ චිත්‍රපටියක්. දෙබස් වුනත්, ඒ චරිතය කියන වෙලාවට නෙමෙයි රූප රාමු තියෙන්නේ. අන්තිම වෙන කල් සිදු වන සිදු වීම් වල අවස්ථා සම්බන්ධය තේරෙන්නේ නැති එකක්. සොම්බි ගැන සම්බන්ධයකුත් මේ අතරට එනවා. මිනීමැරුම්, කුමන්ත්‍රණ, විද්‍යාත්මක පර්යේෂණ මේ හැම දෙයක් ම මේකේ තියෙනවා.
කොරියන් කතා වලට කැමති අය ගොඩක් ඉන්න නිසා සහ මේ වගේ කතාවක් පරිවර්තනය කරන්න වැඩි දෙනෙක් පෙලඹෙන්නේ නැති නිසා, මේක ඔයාලා අතට අර ගෙන එන්න තීරණය කලේ. කැමති හැමෝම මේක අරගෙන රස විඳින්න ආරාධනා කරනවා.
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.
මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් ටොරන්ටු වලින් තමයි ඉතිං...
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comments