top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Witch Part 2: The Other One (සිංහල උපසිරැසි)

Nilusha Hemal Alahakoon

කොරියාව කියන්නේ වෙනස් විදියේ සිනමා කෘති නිෂ්පාදනය කරන රටක්. අමුතු විදියේ කතා තේමාවන් හොයාගන්න, හොලිවුඩය වගේම දක්‍ෂයි. මම අද අරගෙන ආවේ, ඒ වගේම විද්‍යාත්මක පසුබිමක දිවෙන කතාවක සිංහල උපසිරැසි අරගෙන. මේක 2018 අවුරුද්දේ එලි දැක්වුණු The Witch: Part 1. The Subversion චිත්‍රපටියේ දෙවෙනි කොටසක් විදියට එලි දැක්වුණු The Witch: Part 2. The Other One (2022) චිත්‍රපටිය. කොරියාව ඇතුලේ විතරක් නෙමෙයි, ලෝකය පුරාම මේ කතාව ජනප්‍රිය වෙලා ගියේ ඉතා ඉක්මනින්. Web ratings අතින් බැලුවත්, මේ ලිපිය ලියනකොට, IMDB 6.2, RottenTomatoes 75%, MyDramaList 7.8, Google Users 94% තම කැමැත්ත පලකරලා තිබ්බා.




Park Hoon-jung විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, ඔහුගේම රචනයක්. විනාඩි 137ක් පුරා දිවෙන කතාව, ඇමරිකානු ‍ඩොලර් මිලියන 23 කට වඩා මේ වෙනකොට උපයගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Shin Si-ah (කෙල්ල, ප්‍රධාන නිළිය), Park Eun-bin (ක්‍යුන්ග්-හී), Seo Eun-soo (ජෝ-හ්‍යුන්ග්), Jin Goo (යොන්ග්-ඩූ) ඇතුලු පිරිසක්.


කතාව සුපිරි මිනිස්සු ගැන තියෙන විද්‍යා ප්‍රභන්ධයක්. Ark නැමැති රහස් විද්‍යාගාරයකින්, එක් තරුණ ගැහැණු ළමයෙක් පැනගන්නවා. මේ ගැහැණු ළමයා, විශේෂ සුපිරි මිනිසෙක් කියලා නොදැන, එලියේ ඇවිදින අතරතුර ක්‍යුන්ග්-හී ට හමුවෙනවා. එහිදී කෙල්ල කරන උදව්වක් නිසා, ක්‍යුන්ග්-හී ඇයව ගෙදර ගෙනියනවා. නමුත්, විවිධ අරමුණු තියෙන කණ්ඩායම්, මේ කෙල්ල පසු පස්සේ පන්නනවා. මේ අයගෙන් මේ තරුණ කෙල්ල බේරෙන්නේ කොහොමද? එයාගේ ඉදිරි අනාගතය කොයි වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page