top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Triggered (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Triggered (2020) ළගදීම නිකුත්වෙච්ච ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩාක් දුරට SAW චිත්‍රපටි පෙල වගේම තමයි. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ වචන නම් ඉතා දරුණුයි. කුණුහරුප තොගයයි. මම සිංහලෙන් ඒවා හොඳ විදියට ලිව්වාට, ඇහෙන්නෙම කුණු හරුප. ඔන්න මම දැනුවත් කලා. මගේ යුතුකමනේ.


මේ චිත්‍රපටිය ඇත්තටම හොඳ කතාවක් ඇසුරෙන් කරලා තියෙන්නේ. නිකම්ම මරා ගැනිල්ලක් නෙමෙයි. සමහර ඒවා වල ඇයි මරන්නේ කියලාවත් තේරෙන්නේ නෑනේ. මේක ඒ අතින් දියුණුයි. මේකේ තිර පිටපත David D. Jonesගේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alastair Orr. රඟපෑමෙන් දායක වෙනවා Reine Swart, Liesl Ahlers, Steven John Ward සහ Russell Crous ඇතුළු නළු නිලියන් රැසක්.


මේ වෙනකොටත් IMDB එකේ 5.6ක් අරගන්න මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා. Google Users ලා නම් 73% ක්ම මේකට කැමතියිලු.


මේ කතාව පටන් ගන්නේ යාළුවෝ නම දෙනෙක්, ඉස්කෝලේ කාලෙන් පස්සේ, තවත් අවුරුදු ගානකට පස්සේ එකතු වෙනවා. මේකත් ලොකු පාපන්දු තරඟයක් බලන්න යන ගමන්, කැළැවේ කූඩාරම් ගහගෙන රැයක් ගත කරන්න. මෙයාලා හැමෝටම, තම තමන්ගේ රහස් තියෙනවා කියලා දැනෙන්නේ මෙහෙම එකතු වුනාම. එයාලාගේ ඉස්කෝලේ යාළුවෙක් වෙලා හිටපු කේලබ් මැරිලා තියෙන්නෙත් මෙයාලා අන්තිම වතාවට මෙහෙම එකතු වෙච්ච දවසක. මෙයාලාට මුහුණ දෙන්න වෙන අත්භූත සිදුවීම් මොනවාද? කොහොමද මෙයාලාට බේරෙන්න පුළුවන්? කවුද ජීවත් වෙන්නේ? මේවාට උත්තර, මේ කතාව ඇතුලේ තියෙන්නේ.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.




චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page