top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Veronica (2017) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම පරිවර්තනය කලේ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. මේක බලන්න මාව පෙළඹුනේ facebook එකේ තිබ්බ සටහනක්. ඒකේ තිබ්බා, මේ වෙනකල් Netflix කට්ටිය හදලා තිබ්බ චිත්‍රපටි වලින්, හොඳම horror film එක මේකලු. ඉතිං අපි මොකද නොබලා ඉන්නේ? එයාලා නම් කියන්නේ, මේක බලන්න පටන් ගත්ත අයගෙන් 2%ක් වත් ඉවර වෙනකල් බලලා නෑ කියලා. ඔයාලා බලනවාද?


ස්පාඤ්ඤයේ ඉන්න බය හිතෙන චිත්‍රපටි ගණනාවක් කරපු Paco Plaza තමයි මේක ලියලා, අධ්‍යක්ෂණය කරන්නේ. 2017 වර්ශයේ නිකුත් වුනත්, හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට තියෙනවා. රගපෑමෙන් දායක වෙනවා Sandra Escacena සමග ළමා නළු නිලි Bruna González, Claudia Placer, Iván Chavero යන අය දක්ෂ රංගනයක යෙදෙන බව නම් කිව යුතුමයි. IMDB එකේ 6.2 අද වෙනකොට මේ කතාව ලබාගන්න සමත් වෙලා තියෙනවා.


මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ ඇත්ත කතාවක් ඇසුරෙන්. දැන් ඔයාලා හිතනවා ඇති ඇත්ත කතා වල කොහෙන්ද හොල්මන් කියලා. ඒ් මේක ඇත්ත සිද්ධියක්. මේක පොලිස් පොතේ ලියවිලා තියෙන ඇත්ත කතාවක්. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් වල එක ගැහැණු ළමයෙක් ඔයිජා බෝඩ් (Ouija Board) එකකින් තව යහළුවන් දෙදෙනෙක් එක්ක එකතු වෙලා මළගිය ආත්ම වලට කතා කරනවා. මේ වැඩේ කරන්නේ සූර්යග්‍රහණයක් තියෙන දවසක. ඒ කියන්නේ පුරාණ මිනිස්සු බිලිපූජා පවත්වන දවසක. එදාම මෙයාලා කරන මේ වැඩේ සාර්ථක වෙයිද? එතකොට ඇත්තටම ආත්ම වලට කතා කරන්න පුළුවන්ද? මේවා බලන්න මේ කතාව බලන්නම වෙනවා...


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page