top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Wish Dragon (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

2021 අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන හැඟීම් බර ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Wish Dragon කියන්නේ චීන සම්ප්‍රදායේ එන ඇලඩින් ගේ පුදුම පහන කිව්වොත් නිවැරදියි. චීන සංස්කෘතියේදී භූතයන් හෝ හොල්මන් විශ්වාස නැති නිසා, ඔවුන්ගේ මිත්‍යා සත්වයා වෙච්ච මකරා තමයි පහනෙන් එලියට එන්නේ. ඇත්තටම, මේකේදී ආසියානු ජාතිකයන්ට පහන වැදගත් වගේම චීන ජාතිකයන්ට වැදගත්ම දේ තේ පෝච්චිය නිසා, මකරාගේ නවාතැන තේ පෝච්චියක් වෙලා. කොහොමහරි, ලස්සනට රසවිඳින්න පුළුවන් වෙන විදියේ කතා තේමාවක් අරගෙන තමයි මේ චිත්‍රපටිය එන්නේ. රේටිං පැත්තෙනුත් සාර්ථකයි කියන්න පුළුවන්. IMDB 7.2, RottenTomatoes 65%, Google Users 85% ප්‍රමාණ වලින් මේ චිත්‍රපටිය ලබාගෙන තියෙනවා.


Chris Appelhans විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, දෙබස් රචනා කරලා තියෙන්නේ Xiaocao Liu එක්ක එකතු වෙලා. කටහඬ ලබාදීලා තියෙන්නේ John Cho (ලෝන්), Natasha Liu Bordizzo (ලී නා), Jimmy Wong (ඩින්) ඇතුළු පිරිසක් එකතු වෙලා.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඩින් උත්සාහ කරනවා ඔහු සමඟ එකට පාසල් ගිය ලී නා එක්ක ආයේ එකතු වෙන්න. ලී නා ගම අතහැරලා යන්නේ අවුරුදු දහයකට කලින්, හොඳ ජීවිතයක් හොයාගෙන. එයාලා යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා පෝසත් වෙලා ඉන්නේ. ලී නා ගේ උපන්දින උත්සවයට යන්න තමයි ඩින් ගේ සැලැස්ම. ඒ අතරේ, ඩින් ට ලැබෙනවා ප්‍රාර්ථනා මකරෙක් ඉන්න තේ පෝච්චියක්. ඔහුට වර තුනක් ලැබෙනවා. මේ තේ පෝච්චිය අරගන්න, තව මැර කණ්ඩායමකුත් ඩින් පස්සේ එනවා. ඩින් ගේ ප්‍රාර්ථනා මොනවාද? සාර්ථක වෙයිද? ලී නා එක්ක සම්බන්ධය මොන වගේ වෙයිද? මැරයන් එක්ක ඩින් සටන් කරන්නේ කොහොමද? ප්‍රාර්ථනා මකරා කොයිවගේ කෙනෙක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page