top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

A Loud House Christmas (2021)

Nilusha Hemal Alahakoon

මේ උපසිරැසිය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. ඒ, මේක තමයි මගේ 100 වෙනි චිත්‍රපටි උපසිරැසිය. මේ රූපවාහිනි කතා මාලා අතහැරලා. ඉතිං, මගේ උපසිරැසි පලකරන Zoom කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තූතිය පලකරන අතරම, මගේ උපසිරැසි සමඟින් චිත්‍රපටි රසවිඳින ප්‍රේක්ෂකයන්ට හැමදාම මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.


මම අද උපසිරැසි ගෙනාවේ A Loud House Christmas (2021) චිත්‍රපටියයි. ළමා චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ට නම් ලවුඩ් පවුල කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. සහෝදරියෝ දස දෙනෙක් සමඟ තනි පිරිමි දරුවා විදියට ලින්කන්, බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන ආකාරය, ගොඩාක් චිත්‍රපටි සහ කාටූන් වලින් දැකලා ඇති. මේ ඒ චිත්‍රපටි මාලාවේ තවත් එක නත්තල් චිත්‍රපටියක්. මම මෙයාලාගේ The Loud House Movie එකට කලින් උපසිරැසි දුන්නානේ. ඒ චරිතම තමයි, මේ චිත්‍රපටියෙත් තියෙන්නේ.


මේක අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Judge විසින්. සුපුරුදු පරිදි Liz Maccie සහ Chris Savino දෙදෙනාගේ සිත් වල නිර්මාණය වෙච්ච චරිත පදනම් කරගෙන තමයි, මේ චිත්‍රපටියත් දිවෙන්නේ. මෙවර චිත්‍ර්‍රපටියේ රඟපෑමෙන් දායක වෙනවා Wolfgang Schaeffer (ලින්කන්), Jahzir Bruno (ක්ලයිඩ්), Lexi DiBenedetto (ලෝරි), Dora Dolphin (ලෙනී) ඇතුළු විශාල පිරිසක්.


කතාව කෙටියෙන්ම කියන්නම්. මෙවර නත්තලට ලින්කන්ගේ සහෝදරියන් කිහිප දෙනෙක් විවිධ සැලසුම් ඇති කරගන්නවා. ඒක ලින්කන්ට දරාගන්න අමාරු දෙයක්. ඔහුගේ අදහස වෙන්නේ, නත්තල හැමෝම එකට ඉඳලා සමරන්න ඕනේ කියලා. ඒ නිසා, ඔහුගේ අතිජාත මිත්‍රයා, ක්ලයිඩ් සමඟින් එකතු වෙලා, නත්තල බේරා ගැනී‍මේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේ කතාව තියෙන්නේ ඒ මෙහෙයුම ගැනයි. මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page