top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Accident Man: Hitman's Holiday (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Accident Man: Hitman's Holiday (2022) මේ ඔක්තෝබරයේ නිකුත් කෙරුණු තවත් ලස්සන, ත්‍රාසජනක, ප්‍රහසනාත්මක, ක්‍රියාදාම චිත්‍රපටියක්.


මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. එහෙම කියන්නේ, නිරුවත් හෝ කාමුක දර්ශණ නිසා නෙමෙයි. මේ කතාව දිවෙන්නේ, පාතාල ලෝකයේ නම ගිය ඝාතකයන් පිරිසක් වටා. ඔවුන්ගේ කතා බහ, හැසිරීම්, ක්‍රියාකලාපයන්, අපේ සංස්කෘතියට හෝ අපේ සමාජයට කොතරම් ගැලපෙනවාද කියන ප්‍රශ්නය නිසා. කුණුහරප ගොඩාක් කියවුනත්, උපසිරැසියේදී ඉතා සභ්‍ය විදියට ඒවා ලියන්න පරිස්සම් වුනා. තව දෙයක් තමයි, මත්ද්‍රව්‍ය භාවිතය. මේවා චිත්‍රපටියේ රඟපෑම් විතරයි කියලා, නොදරුවන් දැනුවත් කරමින්, චිත්‍රපටිය නැරඹුවොත් හොඳයි.

මේ උපසිරැසියත් මම පරිවර්තනය කලේ hearing impaired එකක්. ඒ නිසා ඇහෙන හැම ශබ්ධයක්ම උපසිරැසියේ තියෙනවා. මේක හොඳ අත්දැකීමක් වේවි.


මේ චිත්‍රපටිය ඇත්තටම 2018 දී තිරගත වුණු Accident Man චිත්‍රපටියේ දෙවෙනි කොටස වගේ. හැබැයි, එහෙම කියලා, කලින් එක නොබලපු අයට මේක රස විඳින්න බාධාවක් නෑ. නිතරම කියවෙනවා, ලන්ඩන් වලදී වෙච්ච සිදුවීමක් ගැන. ඒක තියෙන්නේ පළවෙනි කතාවේ. ඒ මොකක්ද කියලා, මේක දිගටම බලද්දී තේරෙනවා. ඒ නිසා අවුලක් නෑ.


George Kirby සහ Harry Kirby තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Scott Adkins ගේ කතාවක් Stu Small විසින් තිර රචනය කරලා, සිනමාවට එක් කරන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Scott Adkins (මයික් ෆැලන්), Ray Stevenson (ලොකු රේ), Perry Benson (ෆිනිකි ෆ්‍රෙඩ්), Sarah Chang (වොන් සියු-ලින්) ඇතුලු පිරිසක්. මේ සියළුම දෙනා, ඉතා රස මුසුව කරන රඟපෑම තමයි මේකේ සාර්ථකත්වය වෙන්නේ. අනික, චිත්‍රපටිය රූගත කරන්නේ, ඇත්තටම මෝල්ටාවේ. එ් නිසා කතාව තාත්වික බවකින් යුක්ත වෙනවා.


Web ratings ගැනත් හොයලා බලන්න ඕනේනේ. මේ ලිපිය ලියන මොහොතේදී, IMDB 5.9, Rotten Tomatoes 92%, Google Users 90% තම කැමැත්ත පල කරලා තියෙනවා. චිත්‍රපටිය නිකුත් කෙරුනේ ඔක්තෝබර් 14 වෙනිදා. තවම නිකුත් කරලා සති දෙකක් විතරනේ. මේ ලබා ගත්ත ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් චිත්‍රපටිය ගැන අදහසක් අරගන්න.


කතාව කෙටියෙන් කියන්නම්කෝ. මයික් ‍ෆැලන්, නැත්නම් අනතුරු මිනිහා, ලන්ඩන් වලදී වෙච්ච සිදුවීමක් නිසා, මෝල්ටාවට එන්නේ, කට්ටියගෙන් බේරිලා පාඩුවේ ජීවත්වෙන්න. මෙහෙදීත් ෆැලන්ගේ රස්සාව පරණ විදියටම මිනිස් ඝාතන. හදිස්සියේ මෝල්ටාවේදී පරණ සහායකයෙක් වෙන ෆ්‍රෙඩ්ව මුණ ගැහෙනවා. ෆැලන් ඔහු සමඟ එකතුව තම ව්‍යාපාරය කරගෙන යනකොට, සූසර් මහත්මිය කියන පාතාල ලෝකයේ රැජිණක්, මෙයාලාගේ ජීවිතේට මැදිහත් වෙනවා. මේ සිදුවීම් තමයි චිත්‍රපටියේ ඉදිරියට තියෙන්නේ. ෆැලන්ගේ ඉදිරි ජීවිතය, ෆ්‍රෙඩ්ට සිදුවෙන කරදරය, සූසර් මහත්මිය මෙයාලාගේ ‍ජීවිත වෙනස් කරන විදිය, මේවා දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නරඹලාම තමයි.


අපේ මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටි රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page