top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Antidote (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon


Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙ‍රුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ කතාවේ තියෙනවා, ප්‍රධාන නිළියගේ උඩුකය නිරුවත් තත්පර කිහිපයක දර්ශණයක්. කාමුක දර්ශණයක් නෙමෙයි. ඒත් ඒ ගැන කියන්න හිතුවේ සමහර අය ඒවා ගැන හිතන නිසා. තාම වැඩි දෙනකේ නරඹලා නැති චිත්‍රපටියක් වුනත් ඉදිරියේදී ජනප්‍රිය වෙයි කියලා හිතනවා.


Peter Daskaloff කියන ආධුනික අධ්‍යක්ෂකවරයා තමයි මේක ලියලා අධ්‍යක්ෂණය කරන්නේ. ලොකු වියදමක් දරලා නැති නිෂ්පාදනයක්. ඒ බව හොඳටම තේරෙනවා, චිත්‍රපටියේ අවසාන ‍කොටසේ තියෙන ත්‍රිමාණ සජීවිකරණ රූපරාමු කිහිපයෙන්. කොහොමවුනත් රඟපාන සියළුදෙනා සහ අධ්‍යක්ෂකවරයා, මේ කතාව හොඳට ගොඩ නංවලා තියෙනවා. අපි හිතන විදියට නැතිව, කුතුහලයකින් චිත්‍රපටිය අවසාන කරන්න මෙයාලා සමත්වෙලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ashlynn Yennie (ශරීන්), Louis Mandylor (හෙලන්බක්), Augie Duke (කැසන්ඩ්‍රා), Ravi Naidu (එවරෙට්), Scott Alin (නිකෝ) ඇතුළු පිරිසක්.


කතාව ගැන කෙටි හැඳින්වීමක් කලොත්, තරුණ කාන්තාවක් (ශරීන්) සැත්කමක් සඳහා රෝහල් ගත කරනවා. ඇයට නැවත සිහිය එන්නේ, භූගත වෛද්‍ය මධ්‍යස්ථානයකදී. මෙහෙදී ඇයට දැනගන්න ලැබෙනවා, සියළුම රෝගීන්ට විවිධ අතවර හෝ වද වේදනා ලබා දෙන බවත්, ඉතා රහසිගත රුධිරද්‍රවයකින් (බෙහෙතකින්) නැවත සුව කරන බව. මේ පර්යේෂණාත්මක ආයතනය මොකද්ද? මේකෙන් ශරීන්ට ගැලවෙන්න පුළුවන්ද? අනිත් අයට මොකද වෙන්නේ?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.







Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 opmerking


𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 🙂❤

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page