top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Aquaman and the Lost Kingdom (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

DC Extended Universe (DCEU) එකේ අන්තිම චිත්‍රපටිය එනවා කියලා ටික කාලයකට කලින් නිවේදනය කලානේ. ඇත්තටම ඒක, නිකුත් කෙරුණා. Aquaman and the Lost Kingdom (2023) කියන්නේ ඒකේ අවසාන චිත්‍රපටිය. චිත්‍රපටි 15ක් ඒ සන්නාමය යටතේ නිර්මාණය වුණා. ඒ නිසා වෙන්න ඇති, ඔවුන් මේක මෙතනින් නවත්තන්න හිතුවේ. ඇත්තටම, මේ චිත්‍රපටිය බැලුවාම, මෙතනින් නවත්තන්න අවශ්‍ය නෑ වගේ හිතනෙවා. බලමුකෝ. ඉස්සරහාට මොන වගේ දෙයක් වේවිද කියලා.


Aquaman and the Lost Kingdom (2023) ඇත්තටම Aquaman (2018) චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම. පළමු චිත්‍රපටියේ චරිතම, ඒ නළු නිළියන්ම යොදාගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. හැබැයි, පළවෙනි චිත්‍රපටිය බලලා නෑ කියලා, මේක රසවිඳින්න කිසිම අඩුපාඩුවක් වෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම ස්වාධීන චිත්‍රපටියක් විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.


ආතර් කරී, අපේ ඇක්වාමෑන්, ඇට්ලාන්ටිස් රාජධානියේ රජතුමා වෙලා අවුරුදු හතරක්. ඔහුට දැන් පොඩි පුතෙකුත් ඉන්නවා. හැබැයි පුතා ජීවත්වෙන්නේ මතුපිට ලෝකයේ. ඒ කියන්නේ ගොඩබිමේ. ඩේවිඩ් කේන්, නැත්නම් කළු මැන්ටා, තමන්ගේ පියාගේ මරණයේ පළිය ගන්න (පළවෙනි චිත්‍රපටියේ සිදුවීමක්) එක අතහරින්නේ නෑ. මේ වතාවේ ඒකට එයා හොයාගෙන තියෙන්නේ, කළු ත්‍රිශූලය. අඳුරු මායාවන් නැවත පණගන්වන්න ඔහු උත්සාහ කරන්නේ, ඇක්වාමෑන්ගෙන් පලිගැනීමේ එකම අරමුණ නිසා. චිත්‍රපටියේ කතාව දිවෙන්නේ මේ යුද්ධය. එක දිගට බලන්න පුළුවන් විදියට මේක නිර්මාණය වෙලා තියෙනවා.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ James Wan විසින්. ඔහු මේ චිත්‍රපටිය සඳහා අති විශේෂ තාක්ෂණයක් යොදාගෙන තියෙනවා. වතුර යට දර්ශණ සඳහා, කැමරා සියයකින් පමණ රූපගත කිරීම් කරලා, එමඟින් ත්‍රිමාන රූපරාමු නිර්මාණය කරලා තියෙනවාලු. මේක ඇත්තටම රඟපාන අයට ලොකු කරදරයක් වුනාලු. ඒත්, හැමෝම එකතුවෙලා, මේ වැඩේ කලා කියලා තමයි කියන්නේ. ඒකේ ප්‍රතිපලය අපිට බලන්න පුළුවන්, මේ චිත්‍රපටිය නරඹලා.

රඟපෑමෙන් දායක වෙනවා, Jason Momoa (ඇක්වාමෑන්), Patrick Wilson (ඔර්ම්), Amber Heard (මේරා), Yahya Abdul-Mateen II (ඩේවිඩ් කේන්) ඇතුළු පිරිසක්. මේ චිත්‍රපටියේත් වෙබ් රේටිං හරිම අමුතු විදියට වෙනස් වෙනවා. ඒ නිසා, මේකට ඒ වෙබ් රේටිං විශ්වාස නොකරන හොඳයි කියලා මම හිතන්නේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.7, Rotten Tomatoes 34%, Metacritic 42%, Google users 73% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එකිනෙකට පරස්පර කරුණු තමයි ඒ වෙබ් අඩවි වල දකින්න ලැබෙන්නේ.


මොනවා වුනත්, ආදායම් අතින් නම්, හොඳ තැනකට ඇවිත් තියෙනවා. අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 205ක් පමණ වුනත්, මේ වෙනකොට ඩොලර් මිලියන 430කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනවා. තවම මාස දෙකක්වත් නැති චිත්‍රපටියකට, ඒක හොඳ තත්වයක්.


එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. ඒ අතරේ, අපේ උපසිරැසි ගැන අදහස් යෝජනා, හොඳ නරක, ගල් මල්, වැරදි අඩුපාඩු අපිට කියන්න. ඒක අපිට කරන උදව්වක්. හැමෝටම ජයවේවා!!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page