top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Avatar: The way of Water (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අර‍ගෙන ආ‍වේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න හිතුවේ, හැමෝම වගේ මේක ගැන දන්න නිසා. චිත්‍රපටිය තමයි Avatar: The Way of Water (2022).


ඇවටාර් පළවෙනි චිත්‍රපටිය හැමෝම බලලා ඇතිනේ. මේ ඒකේ ඉදිරි දිගහැරුමක්. කතාව ගලා‍ගෙන යන්නේ, පළ‍වනි කතාවේ නාවි ලෝකයට ඇවිත් ඒ‍කේ ජීවත්වෙන්න ගිය ජේක් සලී සහ එයාගේ පවුල මැද. ජේක් සලී ගෙන් පලිගන්න බලාගෙන ඉන්න ‍කෙනෙක්, එයාව හොයාගෙන නාවි කැලෑවට පැමිනෙනවා. හැබැයි, මේ ගැන කලින් දැනගන්න ජේක්, තමන්ගේ පවුල එක්ක පැනලා යන්නේ, යුද්ධ කරන්න ති‍යන අකමැත්තට. මම කතාව ගැන මුකුත්ම කියන්නේ නෑ, මේක ඔයාලාම බලන්න.





චිත්‍රපටිය අති සාර්ථක එකක් කියලා ඔයාලා දන්නවානේ. චිත්‍රපටිය නිර්මාණයට වැය වෙලා තියෙන මුදල දළ වශයෙන් ඩොලර් මිලියන 350ක් පමණ. හැබැයි, මේ වෙනකොට ලෝකේ පුරාම චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙලා ඩොලර් මිලියන 2310කට ආසන්න මුදලක් උපය‍ගෙන තියෙනවා. අපිට ලැබුණු ණය එක්ක සසඳලා බලන්නකෝ. ඒ තරම්ම අති සාර්ථක චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.


චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය ක‍ලේ, සුපුරුදු පරිදි James Cameron මහතා. ‍මේ‍කේ කතාව ලියන්නත් ඔහු දායක වෙලා ති‍යනවා. වාර්ථා වෙන විදියට, තව මේ කතාවේ ඉදිරි දිගහැරුම් කරන්න සූදානමක් තියෙනවාලු. James Cameron ගේම මනංකල්පිත චරිත යොදා‍ගන කතාව නිර්මාණය කරලා තියෙන්නේ Rick Jaffa, Amanda Silver, Josh Friedman සහ Shane Salerno හතරදෙනා. 20th Century Studios මඟින් ‍ලොව පුරා බෙදාහැරීම සිදුකලා. රඟපෑමෙන් දායක වුනා, Sam Worthington (ජේක් සලී), Sigourney Weaver (කිරි), Stephen Lang (කල්නල් මයිල්ස්), Britain Dalton (‍ලො'අක්), Bailey Bass (ට්සිරෙයා) ඇතුළු විශාල පිරිසක්.


මේ තරම් සුවිශාල නිර්මාණයක වෙබ් ‍රේටිං ගැනත් නොකියා ඉන්න හොඳ නෑ‍‍නේ. ‍මේ ලිපිය ලියන මොහොත වෙනකොට, Rotten Tomatoes 76%, imdb 7.8, Google users 93% තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.


සිංහල උපසිරැසි හදන්න ගත්තාට, ‍මේක ගොඩාක් දිග කතාවක්. ඒත් හැමෝම බලාගෙන ඉන්න නිසා, හැකි ඉක්මනින් පරිවර්තනය කලා. ඒ අතරේ, නාවි භාෂාවෙන් කරන කතා බහත් ති‍යෙනවානේ. ඒවාට ‍වෙනම කාල පරාස හදලා, චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න මම උපරිම උත්සාහ කලා. මට මඟහැරුණු නාවි කතා බහ තියෙනවා නම්, සමා‍‍වන්න.


එහෙනම්, සුපුරුදු පරිදි, මේ සිංහල උපසිරැසිය අර‍ගන චිත්‍රපටිය රසවිඳින්න! අපේ ගුණ දොස්, අඩුපාඩු, ගල් මල්, හොඳ නරක අපිට කියන්න. ඒක අපිව ධෛර්යමත් කිරීමක්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page