top of page

Awake (2021) සිංහල උපසිරැසි


Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ කතාවට ගොඩාක් සමාන කතාවක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි විද්‍යා ප්‍රබන්ධයක් කිව්වාට මේ චිත්‍රපටියේ කිසිම සිදුවීමකට විද්‍යාත්මක හේතුවක් දෙන්නේ නෑ. ඒ නිසාම මම හිතන්නේ, මේ චිත්‍රපටියට ආපු රේටිං ප්‍රමාණයත් අඩු වෙලා. හොඳට තිර රචනය කලා නම්, කතාව ලස්සන එකක්.


Mark Raso විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ තිර රචනය කරලා තියෙන්නේ ඔහු සහ ඔහු‍ගේ සහෝදරයා. ඒකට හොඳ දක්ෂයෙක් නොගත්ත එකේ ප්‍රතිපලය තමයි රේටිං වලින් පේන්නේ. හැබැයි, මේ දෙන්නාගේ කතාව ලස්සනට ගොතලා තියෙනවා. රඟපෑමෙන් දක්ෂ නිළයක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඇය Gina Rodriguez (ජිල්). ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Ariana Greenblatt (ළමා නිලි, මැටිල්ඩා), Lucius Hoyos (ළමා නළු, නෝහා), Shamier Anderson (ඩොජ්), Jennifer Jason Leigh (දොස්තර මර්ෆි) ඇතුලු පිරිසක්.


මේ චිත්‍රපටිය ගැන මුලින්ම මට කිව්වේ Kantha_DLA විස්තරය දාලා තිබ්බේ Zoom.lk එකේ comment එකකින්. ඔන්න ඔයාගේ ඉල්ලීම ඉටු කලා.


චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන්: ජිල් හමුදාවේ හිටපු කෙනෙක්. ඇය දැන් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවය කරනවා. එක දවසක්, ඇය තමන්ගේ නැන්දම්මා ළඟ හැදී වැඩෙන දරු දෙදෙනා සමඟ දවසක් ගත කිරීමට පැමිණෙනවා. එදා, හදිස්සියේ සිදුවන සිදුවීමකින්, මුලු ප්‍රදේශයේම බලය නැතිවෙනවා. ඉලෙක්ට්‍රොනික් දේවල් සම්බන්ධ සියලුම දේවල් අක්‍රිය වෙනවා. ‍මේ අතරට වාහන, ෆෝන්, විදුලිය ඇතුලු බොහෝ දේ වෙනවා. ඒ වගේම එහි අතුරුපලයක් විදියට, කිසිම කෙනෙකුට නින්ද යාම නැතිවෙනවා. නමුත්, මැටිල්ඩාට හොඳින් නිදාගන්න පුළුවන් වෙනවා. ඇයි මේ? මෙහෙම වුනේ කොහොමද? නින්ද නැති නිසා මිනිස්සුන්ට මොනවාද වෙන්නේ? මේකට බෙහෙතක් හොයාගන්න පුළුවන්ද? මැටිල්ඩාව බේරගන්නේ කොහොමද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.


Awake 2021
.zip
Download ZIP • 33KB

චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



33 views1 comment
bottom of page