top of page

Boss Level (2020) සිංහල උපසිරැසි


BOSS LEVEL (2020) තවත් විද්‍යාත්මක පසුබිමක යන ත්‍රාසජනක කතාවක්. වෙනස්ම විදියේ කතා තේමාවක් අරගෙන එන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්. චිත්‍රපටිය ඇතුලේ නළු නිළියන් හැසිරවීම ඉතා දක්ෂ විදියට කරලා තියෙනවා. ඒ වගේම මේකේ සංස්කරණය කරපු කෙනාටත් විශේෂ ගෞරවයක් පිරිනමන්න වෙනවා. ඇයි කියලා චිත්‍රපටිය බලනකොට තේරේවි.


හොලිවුඩයේ ජනප්‍රියම නළුවෙක්ව, උප ප්‍රධාන චරතයට යොදාගෙන මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ Mel Gibson. මෙයාගේ නම චිත්‍රපටියේ තියෙනකොට, මම හිතුවේ ප්‍රධාන චරිතය එයාගේ කියලා. ඒත් මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Frank Grillo විසින්. අනිත් හැම චරිතයක්ම සුළු චරිත වුනාට, ඒවායින් මේක ප්‍රාණවත් වෙනවා. Selina Lo, Mathilde Ollivier, Will Sasso වගේ අය අනෙක් චරිත රගපානවා.


Ratings ගැන හැමදාම කියනවානේ. මෙන්න මේකේ තත්වය. IMDB, Rotten Tomatoes තාම මේකට මනාපය පලකරන්න අවස්ථාව දෙන්නේ නෑ. ඒ වුනාට Google Users 92% ක් මේකට කැමැත්ත පලකරලා තියෙනවා.


කතාව දිවෙන්නේ, විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට, රෝයි හැමදාම උදේ නැගිටින්නේ එකම දවසේ. දවස පටන් ගන්නේ එකම සිද්ධි මාලාවෙන්. හැමදාම එකම මැර කණ්ඩායමක් රෝයිව මරන්න එනවා. එක්කෙනෙකුගෙන් බේරුනත්, වෙන කෙනෙක්ගෙන් රෝයි මැරුම් කනවා. ඒ මැරුණාම ආයේ නැගිටින්නේ සුපුරුදු උදේ සිද්ධි මාලාවෙන්. මේකෙන් රෝයි බේරෙන්න දරන උත්සාහය තමයි කතාවේ තියෙන්නේ. කී පාරක් උත්සාහ කලාද කියලා මේක බැලුවාම තේරෙයි. ඇයි මෙහෙම වෙන්නේ? බේරෙන්නේ කොහොමද? මේවා කතාවේ රස තැන්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

3,240 views1 comment
bottom of page