top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Carry-on (2024) සිංහල උපසිරැසි

මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා දන්නවා. ඒත් පරක්කු වුනා, විවිධ හේතු නිසා. ඔන්න අද බලමු.


ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොල කියන්නේ නත්තල් සැන්දෑවේ අතිශයින්ම කාර්යබහුල වෙන තැනක්. කිසියම් කඩාකප්පල්කාරී කණ්ඩායමක් සූදානම් වෙනවා, මේ නත්තල් දවසේ, භයානක ප්‍රහාරයක් දියත් කරන්න. මේකේ ඉලක්කය කවුද කියලා දැනගන්න වෙන්නේ අන්තිමට. හැබැයි, මේ ප්‍රහාරය කරන්න සැලසුම් කරන්නේ හරිම අමුතු විදියකට. විවිධ මට්ටමේ කල්ලි මේ මෙහෙයුමට සම්බන්ධ වෙලා. මේක නවත්තන්න උත්සාහ දරන්නේ, අපි කවුරුවත් හිතන්නේ නැති අය. මේ ගැන දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න වෙනවා.


Carry-On (2024) ඇමරිකානු චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ස්පාඤ්ඤ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන Jaume Collet-Serra. T.J. Fixman විසින් රචනා කරපු කතාවක් තමයි මෙයා සිනමාවට නගන්නේ. ගොඩාක් හොඳ චිත්‍රපටි වගේම මේකත් ලොව පුරා බෙදා හරින්නේ Netflix ආයතනය. රඟපෑමෙන් දායක වෙනවා, Taron Egerton (ඊතන්), Jason Bateman (මඟියා), Sofia Carson (නෝරා පෙරිසි), Danielle Deadwyler (එලීනා) ඇතුළු පිරිසක්.


Web ratings ගැනත් කියන්න හිතු‍වේ, හැමෝම මුලින් බලන්නේ මේවා ගැන නිසා. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 6.5, Rotten Tomatoes 88%, Metacritic 68%, Google Users 87% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


චිත්‍රපටිය ගැන විස්තර හොයද්දී හමුවුන කතාවක් මේ. 1970දී තිරගත වුණු Airport නම් චිත්‍රපටියේ අවසානයේදී ගුවන්යානයක් පුපුරවා හරිනවා. මේ ගුවන්යානය අයිති සමාගම විදියට චිත්‍රපටියේ සඳහන් වුනේ, ට්‍රාන්ස්-ග්ලෝබල් විදියට. මේ චිත්‍රපටියේත් මේ සිද්ධියට භාජනය වෙන ගුවන් යානා වලින් එකක් ඒ සමාගමටම අයිති විදියටයි සඳහන් වෙන්නේ. මේ අතීතයේ ඒ චිත්‍රපටිය ආවර්ජනය කිරීමක් විදියටයි හැමෝම දකින්නේ.


වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page