top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Cold Pursuit (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Cold Pursuit (2019). තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම නිසා මේකට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මැර කණ්ඩායම් ගැන, ඔවුනට සිදුවන වැරදිම් ගැන, මේකෙදී හොඳට කතා කරනවා.


මේ කතාව නෝර්වේජියානු කතාවක අනුවාදනයක් විදියට තමයි ලියලා තියෙන්නේ. 2014 දී නෝර්වේ වල තිරගත කෙරුණු Kraftidioten කියන චිත්‍රපටිය තමයි මේකට මුල්වෙලා තියෙන්නේ. ඒ කතාව ලියලා තියෙන්නේ Kim Fupz Aakeson. හැබැයි ඉංග්‍රීසි කතාවේ තිර රචනය Frank Baldwin තමයි කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hans Petter Moland විසින්. රගපෑමෙන් දායක වෙනවා සුපිරි නළු Liam Neeson සමගින් Tom Bateman, Domenick Lombardozzi, Julia Jones සහ Tom Jackson ඇතුළු පිරිසක්.


Ratings ගැන කියනවා නම් IMDB 6.2, Rotten Tomatoes 69%, Google Users 74% මේකට කැමැත්ත දීලා තියෙනවා. හැමතැනම එක වගේ අගයන් තියෙන්නේ, මේක බලන හැමෝම වගේ කැමැත්ත දෙන නිසා වෙන්න ඇති.


කෙටියෙන් කතාව හැඳින්වුවොත්, නෙල්ස් කොක්ස්මන් කියන්නේ යහපත් චරිතයක් තියෙන හොඳ පුරවැසියෙක්. එයාගේ පුතා හදිසියේ මිය යනවා. හේතුව විදියට දක්වන්නේ මත්ද්‍රව්‍ය වැඩිපුර පානය කිරීම. හැබැයි නෙල්ස් හොඳටම දන්නවා, පුතා කුඩුකාරයෙක් නොවන බව. හදිසියේම පුතාගේ මරණයට වගකිවයුතු අය හොයාගන්න පොටක් පෑදෙන්නේ අහම්බෙන්. මේ පාර ඔස්සේ දිගටම යන නෙල්ස්ට මොකද වෙන්නේ? කොහොමද එයාගේ ඉදිරි ජීවිතය? කුඩු රජාලා සමඟ නෙල්ස්ට හැප්පෙන්න පුළුවන්ද? මේවා දැනගන්න දිගටම මේ චිත්‍රපටිය බලන්න වෙනවා. අන්තිම වෙනකල්ම බලන්න හිතෙන කතාවක්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page