top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Creation of Gods I: Kingdom of Storms (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ මනඃකල්පිත නවකතාවක් වෙන "ෆෙන්ෂෙන් යාන්යි" (ෆෙන්ෂෙන් ලේඛණය). චීන සාහිත්‍ය ඉතිහාසයේ සත්‍ය සිදුවීම පාදක කරගෙන ඇතිවූ මනඃකල්පිත නවකතාවකට තියෙන්නේ මේක විතරයි. මීට අමතරව තියෙන්නේ මේ නවකතාවේම අනුවාදන.


මේ ෆෙන්ෂෙන් යාන්යි කතාව, පරම්පරාවෙන් පරම්පරාවට කට වචනයෙන් ආපු විදියට තමයි සිද්ධි ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ, සමහර දේවල් අතිශයෝක්තියෙන් සහ සමහර දේවල් සමහර අයට පක්ෂපාතීව තමයි ලියවෙන්නේ. කො‍හොමවුනත්, මෙ කතාව අවුරුදු දෙදාහක් තිස්සේ කටින් කට ඇවිත් තියෙනවාලු. හැබැයි හැමදේම චීන ඉතිහාසය සහ සංස්කෘතිය හා බැඳිලා තියෙන්නේ. ඒ නිසා, අනිවාර්යයෙන්ම මේක චීනයේ අංක එ‍කේ කතාන්දරයක් වෙනවා.


මේ කතාව දිව යන්නේ මිනිස්සු, අමරණීයයන් සහ යක්ෂයන් අතර අවුරුදු තුන්දහසකට කලින් සිදුවුන සිදුවීම් විදියට. මායාවන් සහ අරුම පුදුම දේවල් හැමතැනම දකින්න ලැ‍බෙනවා. කොටස් තුනකින් යුක්ත කතාවක් නිසා, ඉදිරියට එන්න නියමිත චිත්‍රපටි තුනත් අනිවාර්යයෙන්ම බලන්න.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනනේ Wuershan විසින්. Xu Zhonglin විසින් කරන ලද Investiture of the Gods අනුවාදය පාදක කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වුනා Yu Shi (ජී ෆා), Fei Xiang (යින් ෂෝ), Li Xuejian (ජී චෑන්ග්), Narana Erdyneeva (සූ ඩාජි) ඇතුළු පිරිසක්.


චිත්‍රපටියේ සමහර දර්ශණ තියෙනවා ලංකාවේ සංස්කෘතියට අනුව වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන්. හැබැයි, කිසිම නිරුවත් දර්ශණයක් අඩංගු වන්නේ නෑ.


එහෙනම් හැමෝම එකතු ‍වෙලා මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page