top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Escape Room (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Escape Room (2019) තවත් ලස්සන ත්‍රාසජනක චිත්‍රපටියක්. මම කලින් escape room කියන්නේ මොකද්ද කියලා කියලා තියෙනවා. ඒත් කෙටියෙන් හරි ආයේ කියන්නම්. පුද්ගලයන් කිහිපදෙනෙක් කාමරයක සිර කරනවා. මේ කාමරෙන් පැන ගන්න එක තමයි එයාලාගේ අභියෝගය. ගොඩාක් වෙලාවට සරලව පේන දොරක් හැම කාමරයකම තියෙනවා. හැබැයි, ඒක අරින්න තියෙන යතුර හොයාගන්න එක තමයි අමාරු වැ‍ඩේ. යතුර ගැන හෝඩුවාවල්, කාමරය පුරා පේන්න සඟවලා තියෙනවා. ඒවා ප්‍රහේලිකා හෝ තේරවිලි හෝ වෙනත් සිදුවීමක් වෙන්න පුළුවන්. ඉතිං මේ හෝඩුවාවල් භාවිතයෙන් යතුර හොයාගෙන, දොර විවෘත කරගැනීම තමයි කරන්න තියෙන්නේ. ඇමරිකාවේ තරුණ ප්‍රජාව අතරේ මේක ගොඩාක් ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි, පහුගිය කාලේ විවිධ චිත්‍රපටි නිර්මාණකරුවන්, මේක භයානක සහ බය හිතෙන අත්දැකීමක් බවට පත් කරලා තියෙනවා.


මේ චිත්‍රපටිය අනිත් escape room කතා වලට වඩා විශේෂයි. ඇත්තටම මම බලපු හොඳම චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adam Robitelවිසින්. කතාව ලියලා තිර රචනය කරලා තියෙන්නේ Bragi F. Schut විසින්. මේ කතාවට ඉහල සාධාරණයක් කරමින් නළු නිලි කණ්ඩායම, විශිෂ්‍ඨ රංගනයක යෙදෙනවා. ප්‍රධාන නිලියගේ හැඟීම් ප්‍රකාෂණය සහ හුරුබුහුටි හැසිරීම්, චිත්‍රපටිය වර්ණවත් කරලා තියෙනවා. රඟපෑමෙන් එක්වන්නේ Taylor Russell (සෝයි), Logan Miller (බෙන්), Jay Ellis (ජේසන්), Deborah Ann Woll (අමන්දා) ඇතුළු පිරිසක්. මේ චිත්‍රපටිය සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හොඳ ratings ටිකකුත් තියෙනවා. IMDB 6.4, RottenTomatoes 51%, Google Users 86% ක් වගේ.


කතාව ගැන කලින් විස්තර කලා. තරුණ තරුණියන් හය දෙනෙක්, එකිනෙකා නොහදුනන, කාමරයකට එක් කරවන්නේ, විවිධ වු උපක්‍රම භාවිතයෙන්. මේ හැමදෙනාම පැමිණෙන්නේ ජයග්‍රාහකයාට ලබාදෙන ඩොලර් 10,000 බලාපොරොත්තුවෙන්. ක්‍රීඩාවේ යෙදෙ‍නකොට තමයි එයාලාට තේරෙන්නේ, මේක ක්‍රීඩාවකට එහා ගියපු දෙයක් කියලා. ඉතිං, මේකෙන් බේරෙන්නේ කොහොමද? කවුද මේ තරඟයේ ජයග්‍රාහකයා? කොහොමද කාමර වල සංකීර්ණත්වය?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page