top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Fast X (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Fast and Furious කතා මාලාව, ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති හැම දෙනා අතරේම, ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්. මේකේ තියෙන වාහන එක්ක දාන සෙල්ලම්, පුදුම හිතෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි මේක වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුව. සමහර දේවල් අතාත්වික වගේ දැනුනත්, හොලිවුඩයේ සමහර ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටි වල වගේ අමුතු අතාත්වික දේවල් නැති චිත්‍රපටි මාලාවක් විදියටයි ගොඩාක් අය මේක හඳුන්වලා තියෙන්නේ.


මේ තියෙන්නේ ඒ් චිත්‍රපටි මාලාවේ දහවෙනි දිඟහැරුම. Fast X (2023) කියලා මේක නම් කරලා තියෙන්නේ. සමහර අය Fast & Furious 10 විදියටත් හඳුන්වලා තියෙනවා. 2021 තිරගත වුණු, F9 චිත්‍රපටියේ ඉදිරි දිගහැරුමක් විදියටයි මේක නිර්මාණය වෙන්නේ. කතාව පටන්ගන්නේ, ඒ් චිත්‍රපටියේ සිද්ධියක් මුල් කරගෙන.




Fast & Furious චිත්‍රපටි මාලාවේ වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා තියෙන Louis Leterrier තමයි මේකත් අධ්‍යක්ෂණය කලේ. සුපුරුදු පරිදි Gary Scott Thompson ගේ හිතේ නිර්මාණය වුණු චරිත අලලා තමයි මේකත් දිග හැරෙන්නේ. Vin Diesel ඇතුළු කිහිපදෙනෙක් එකතු වෙලා තමයි මේක නිෂ්පාදය කලේ. ඒ් වගේම රංගනයෙන් දායක වුනා, Vin Diesel (ඩොමිනික්), Jason Momoa (ඩාන්ටේ), Michelle Rodriguez (ලෙටී), Tyrese Gibson (රෝමන්), John Cena (ජේකොබ්) ඇතුළු විශාල ජනප්‍රිය පිරිසක්.


චිත්‍රපටිය නිකුත් වෙලා තාම මාසයක්වත් නැති තරම්. ඒ අතරේ චිත්‍රපටිය ලබාගෙන තියෙන web ratings ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.1, Rotten Tomatoes 56%, Google Users 89% ලබාගෙන තියෙනවා. ඩොලර් මිලියන 340ක ඇය වැයකින් නිෂ්පාදය වුණු චිත්‍රපටිය, මේ වෙනකොටත් ඩොලර් මිලියන 653 ඉක්මවලා ආදායම් උපයගෙන තියෙනවා. මොනවා වුනත්, ආදායම් අතින් ඉතා හොඳ මට්ටමක තියෙන චිත්‍රපටියක්.


මේ චිත්‍රපටි මාලාව ගැන හැමෝම දන්න නිසා, කතාව ගැන කියන්න යන්නේ නෑ. මේක ඩාන්ටේ විසින් ඩොමිනික්ට එරෙහිව ක්‍රියාත්මක කරන පලිගැනීමක් පාදක කරගෙන දිවෙන කතාවක් කිව්වාම ඇතිවේවි.


එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න. රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, අඩුපාඩු, හොඳ නරක ගැන අපිට කියන්න. ඒ්කෙන් අපේ උපසිරැසි තවත් ගුණාත්මක කරගන්න පුළුවන්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!





Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page