top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Godzilla x Kong: The New Empire (2024) සිංහල උපසිරැසි

අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රියම වෙච්ච චිත්‍රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong: The New Empire චිත්‍රපටිය. කොන්ග් ගැනයි, ගොඩ්සිලා ගැනයි නොදන්න කෙනෙක් චිත්‍රපටි බලන අය අතරේ නැති තරම්. හැබැයි, මේ චිත්‍රපටියේ පසුබිම ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. 2024 අවුරුද්දේ මේ ආපු චිත්‍රපටිය Godzilla vs. Kong (2021) චිත්‍රපටියේ ඉදිරි දිගහැරුමක්. Monsterverse නැත්නම් යෝධ සත්වයන්ගේ විශ්වයේ පස්වෙනි චිත්‍රපටිය තමයි මේ. ඒ වගේම, ගොඩ්සිලා ඉන්න චිත්‍රපටි වල 38 වෙනි චිත්‍රපටිය. කොන්ග් ඉන්න චිත්‍රපටි වල 13 වෙනි චිත්‍රපටිය. කොච්චර ජනප්‍රිය ද කියලා මේකෙන්ම හිතාගන්න පුළුවන් නේද?


මේ චිත්‍රපටිය නිර්මාණය ආරම්භ කලේ 2022 මැයි. හැබැයි, විවිධ හේතු නිසා, මේ නිෂ්පාදනයට කල්ගතවුනා. අන්තිමේදී, 2024 මාර්තු මාසේ චීනයේදී මේක මුලින්ම ප්‍රදර්ශණය කලා. එක පැත්තකින් ඒක, ඒ හා සමගාමීව තිරගත වුණු Godzilla Minus One (2024) චිත්‍රපටියට කෙරුණු පහර දීමක් වුනා. කොහොමවුනත්, මේ චිත්‍රපටි දෙකම අති සාර්ථක වුනා. Godzilla Minus One චිත්‍රපටිය ඔස්කාර් සම්මාන දිනාගනිද්දී, මේ චිත්‍රපටිය අති සාර්ථක විදියට ආදායම් ලැබුවා. 2024 අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපටි අතරින් මේ වෙනකොට දෙවෙනියාට වැඩිම ආදායමක් ලැබුනු චිත්‍රපටිය තමයි මේ.


Adam Wingard නම් අති දක්ෂ අධ්‍යක්ෂකවරයා, තිර රචකයා (තව දේවල් ගොඩාක් කරන කෙනෙක්) විසින් නිර්මාණය වුණු මේ චිත්‍රපටිය Warner Bros. Pictures විසින් ලොව පුරා බෙදාහැරුණා. Toho Co., Ltd. නම් ජපාන සමාගමට අයිති චරිත පාදක කරගෙන තමයි මේ නිර්මාණය සිදුවුනේ. රඟපෑමෙන් දායක වුනා Rebecca Hall (ආචාර්ය ඇන්ඩෘස්), Brian Tyree Henry (බර්නි), Dan Stevens (ට්‍රැපර්), Kaylee Hottle (ජියා) ඇතුළු පිරිසක්.


කතාව මම කියන්න යන්නේ නෑ. මේක තියෙන්නේ කොන්ග් සහ ගොඩ්සිලා අතර සිදුවන සිදුවීමක්. මේකට ජියා, අයිවි ගෝත්‍රය, සම්බන්ධ වෙන විදිය දැනගන්න චිත්‍රපටිය බලන්න. උපසිරැසිය හදන්න නම් වෙනම මහන්සියක් ගන්න වුනා. මොකද මේකේ ජියා කතා කරන්නේ නෑ. හස්ත මුද්‍රාවෙන් තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. හැබැයි, ඒවා චිත්‍රපටියේදී ඉංග්‍රීසියෙන් දානවානේ. මම ඒ හැමඑකක්ම සිංහලට පරිවර්තනය කලා. නැත්නම්, ඒවා දැනගන්නේ නැතුව චිත්‍රපටියෙන් වැඩක්නැති නිසා.


වෙබ් රේටිං ගැන පොඩි දැනුවත්කිරීමක් කරන්නම්. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 6.2, Rotten Tomatoes 54%, Metacritic 47%, Google Users 94% ක් තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. ආදායම් අතින්, මේ වෙකොට ලොව පුරා ප්‍රදර්ශණයෙන් ඩොලර් මිලියන 564ක ආදායමක් ලබාගෙන තියෙනවාලු.


එහෙනම්, හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල අඩුපාඩු, වැරදි, ගුණ දොස් අපිට කියන්න. මේ සිංහල උපසිරැසිය චිත්‍රපටිය රස විඳින්න උදව්වක් වේවි කියලා හිතනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page