top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Greenland (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

GREENLAND (2020) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු අති සාර්ථක චිත්‍රපටියක්. බොහෝ දෙනා ආසාවෙන් නරඹපු මේ චිත්‍රපටිය, ඉතා නුදුරේදී ආදායම් වාර්තා තියයි කියලා විචාරකයෝ පවසන්නේ. මේකට යොදාගත්ත කතා තේමාව අනර්ඝයි. ඒ නිසාම තමයි මේක ජනප්‍රිය වෙන්න හේතුව.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ric Roman Waugh විසින්. තිර පිටපත ලියලා තියෙන්නේ Chris Sparling. රඟපෑමෙන් විශිෂ්ඨ දායකත්වයක් දෙනවා Gerard Butler, Morena Baccarin, Roger Dale Floyd සහ Scott Glenn ඇතුළු පිරිසක්.


Ratings ගැනත් දැනගන්න කැමති ඇතිනේ. මෙන්න අද වෙනකොට තත්වය. IMDB එකේ 6.4ක් අරගෙන තියෙනවා. Rotten Tomatoes වල 100% මේකට කැමතියි. Google Users වල අය 97% මේකට කැමැත්ත පෙන්වලා තියෙනවා. දැක්කා නේද මේක හොඳ කතාවක් වීමේ නිමිති. ඉතිං දැන් ඔයාලාටත් පුළුවන්, සිංහල උපසිරැසි එක්ක මේක බලන්න.


කෙටියෙන් කතාව හඳුන්වලා දෙන්නම්. පෘථිවිය ආසන්නයෙන් යන ධූමකේතුවක් නිසා පෘථිවිය අනතුරට ලක්වෙලා. මේ ධූම කේතුවේ වල්ගයේ ඇති ග්‍රහක කොටස් පෘථිවියට කඩාගෙන වැටෙනවා. මේකෙන් බේරෙන්න රජය රැකවරණ කඳවුරක් නම් කරලා තියෙනවා. හැබැයි මේකට යන්න දෙන්නේ තෝරගත්ත පිරිසකට පමණයි. අපේ ජෝන් සහ පවුලත් මේකට තෝරගෙන තියෙනවා. එයාලා කොහොමද මේකට මුහුණ දෙන්නේ? මෙයාලාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ? මේවා දැනගන්න මේ කතාව බලන්න. වගකීමෙන් කියනවා, පටන් ගත්තොත්, ඉවර වෙනකල් දන්නේම නැතිව කතාව ගලාගෙන යනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



١ تعليق واحد


Charaka Rathnayaka
Charaka Rathnayaka
٠٧ ديسمبر ٢٠٢٠

Me wage supirima film walata sub denna hamadama Jayawewa

إعجاب
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page