top of page

Jurassic World Dominion (2022) සිංහල උපසිරැසි


Jurassic World Dominion (2022) ජුරාසික් කතා මාලාවේ තවත් එක් දිගහැරුමක්. ජුරාසික් ලෝකයේ තුන්වෙනි දිගහැරුම වගේම ජුරාසික් කතා මාලාවේ හයවෙනි දිගහැරුම. Jurassic World: Fallen Kingdom (2018) වල අවසානයේ සිදුවූ සිදුවීමෙන් පසු තත්වය තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ. කොවිඩ් වසංගතය නිසා දිගින් දිගටම කල් ගියපු මේ සිනමා කෘතිය, මේ අවුරුද්දේ එලි දැක්වූයේ බොහෝ කාලයක් ප්‍රමාද වීමෙන් පසුවයි.


බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය අසාර්ථක ලෙස වර්ගීකරණය කරන්න හැදුවත්, $ මිලියන 165 කින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, මේ වෙනවිට $ මිලියන 835 කට වඩා උපයගෙන තියෙනවා. ඒ නිසා සාර්ථකයි කියන්න පුළුවන්. රේටිං ගැනත් මතක් කරනවා නම්, මේ ලිපිය ලියන මොහොතේ, IMDB 5.9, Google Users 82%, RottenTomatoes 30% මනාපය පල කරලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ ඍණාත්මක ප්‍රතිචාරය වුනේ, පැරණි නළු නිලියන් නැවත යොදාගෙන, පැරණි animation දර්ශණ නැවත පෙන්වීමක් විතරයි කියලා. හැබැයි, කතාව නම්, එක දිගට බලන්න පුළුවන් ‍එකක්.


Universal Pictures විසින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සුපුරුදු පරිදි Michael Crichton නම් නවකතාකරුගේ චරිත පදනම් කරගෙන තමයි චිත්‍රපටිය දිවෙන්නේ. රඟපෑම සඳහා, පැරණි චිත්‍රපටි වල හිටපු අයවම යොදාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්, Chris Pratt (ඕවන් ග්‍රේඩි), Laura Dern (සැට්ලර්), Sam Neill (ඇලන්), Isabella Sermon (මේසී) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වෙනවා.


කතාව කෙටියෙන් කියන්නම්. ඉස්ලා නුබ්ලාර් වල ජුරාසික් උද්‍යානය විනාශ වීමෙන් පසු, ඩයිනසෝර් සත්තු ලෝකය පුරා විසිරෙනවා. මේක මිනිස් ජීවිත වලට තර්ජණයක් වෙන නිසා, බයෝසින් නම් සමාගමක් ඉදිරිපත් වෙනවා, මේ සත්තුන්ව වෙනම දූපතක තනි කරන්න. නමුත්, මේ බයෝසීන් ආයතනයේ අරමුණ, ලෝකය බේරාගැනීමම නොවන බව පසුව පේනවා. මෙයාලාගේ අරමුණ මොනවාද? ඩයිනසෝර් එක්ක පෘථිවියේ ජීවිතය මොනවගේ වේවිද? මේ සියල්ල දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


Jurassic World Dominion 2022
.zip
Download ZIP • 49KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



32 views0 comments
bottom of page