top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Knights of the Zodiac (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත සටනක් ඇති වුනාලු. ඒ වෙලාවේ. සියළු දෙවිවරු මිනිස්සුන්ට ඒරෙහිව සටන්කරන්න පෙළඹිලා. හැබැයි, අතීනා දේවදූතිය මිනිස් වර්ගයාගේ, මනුෂ්‍යත්වයේ පැත්ත අරගෙන. ඇය අනිත් දෙවිවරු එක්ක සටන් කරන්න පටන්ගෙන. මේ සඳහා නයිට් වරු රාශියක් අතීනාට උදව්වෙලා තියෙනවා. මේ අතරින් පෙගාෂස් නයිට්වරු කියන්නේ, අතීනා දේවදූතියගේ පුද්ගලික ආරක්ෂකයෝ වගේ හිටපු නයිට්වරු. මේ සටනින් පරාජයට පත්වෙනවා කියලා දැකපු දෙවිවරු, පෘථිවිය අතහැරලා තම තමන්ගේ ලෝක වලට ගියා කියලා තමයි කියවෙන්නේ.


පසු කාලයකදී, මේ අතීනා දේවදූතිය මිනිස් වේශයෙන් නැවත ඉපදීමක් ලබලා. ඇයව බේරගන්න රත්තරං සන්නාහයක් තියෙන නයිට්වරයෙක් ඉදිරිපත් වෙලා. ඇයව පෘථිවියට ගෙන එනවා. මේ පැමිණීමේදී, නයිට්වරයා දරුණු තුවාල වලට ලක්වෙනවා, හැබැයි, ළදරුවාව බේරෙනවා. ඇයව හදාවඩාගන්න අල්මන් කිඩෝ ඉදිරිපත් වෙනවා.


ඔන්න දැන් තමයි කතාව. මේ අතීනා කියන්නේ බලවත් දේවදූතියක්. ඇයට ඉතා බලවත් කොස්මෝ එකක් හිමියි. මේ කොස්මෝ කියන එක චිත්‍රපටිය පුරාවටම දකින්න ලැබෙනවා. කොස්මෝ කියන්නේ, තරු වල බලය ඒකතු කරගෙන නිර්මාණය වෙච්ච මායා ශක්තියක්. එකිනෙකාට එක එක විදියෙන් ඒ බලය ලැබිලා තියෙනවා. මේ කෙල්ල, සියානා, අතීනා ගේ මොන ස්වරූපයට පත්වේවිද? රණකාමයේ දේවදූතියද? ප්‍රඥාවේ දේවදූතියද?


Tomek Bagiński විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. ජපාන ඇනිමේෂන් කතා මාලාවක් වෙන Masami Kurumada විසින් නිර්මාණය වුණු Saint Seiya තමයි මේ චිත්‍රපටියේ චරිත වලට පාදක වෙලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Mackenyu (සේයා), Madison Iseman (සියානා / අතීනා), Famke Janssen (ගරාඩ්), Sean Bean (අල්මන් කිඩෝ) ඇතුළු නළු නිළියන් පිරිසක්.


ගොඩාක් අය මේ චිත්‍රපටියට විවේචන දෙනවා. වැඩිදෙනෙක් කියන්නේ, මේක සාමාන්‍ය කතා පුවතක්, හැමතැනම තියෙන්නේ මේ කතාවමයි කියලා. හැබැයි, මගේ අදහස නම්, මේ චිත්‍රපටිය හොඳට නිර්මාණය කරලා තියෙනවා. දෙවියන් ගැන කතා හැමතිස්සේම මේ වගේ තමයි, ඒත් මේක දිගටම ගලාගෙන යන කතාවක්. සමහර චරිත වලට අසාධාරණ කම් කරලා තියෙනවා මම දැක්කා. උදාහරණයක් විදියට, සේයා කියන්නේ දක්ෂ බොක්සිං සටන්කරුවෙක්. හැබැයි, එයාගේ ඒ හැකියාව ගැන එකපාරටම අතහැරලා දානවා. කොහොමවුනත්, චිත්‍රපටිය බලන්න. ඇත්තටම රසවිඳින්න පුළුවන් කතාවක්.


එහෙනම්, හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, යෝජනා චෝදනා අපිට කියන්න. අපේ උපසිරැසි එතකොට තවත් ගුණාත්මක වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page