top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Knock at the Cabin (2023)

Nilusha Hemal Alahakoon

සිංහල උපසිරැසි

ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා තියෙනවා. මේ ඒ් වගේ කල්ලියක සාමාජිකයන් වටා ගෙතුණු කතාවක්.


වෙන් කියන්නේ අවුරුදු හතක් වයසැති කුඩා ගැහැණු දරුවෙක්. ඇය ජීවත්වෙන්නේ ඇයගේ තාත්තලා දෙන්නා එක්ක. එරික් සහ ඇන්ඩෘ. මේ තුන්දෙනා නිවාඩුවක් ගත කරන්න තෝ‍රගෙන තියෙන්නේ, කැළයක් මැද හදලා තියෙන, කුඩා නිවසක්. වැවක් අයිනේ තියෙන මේ ලස්සන ගෙදර, දවස් කීපයක් ගත කරන්න හිතාගෙන එන්නේ. හැබැයි, ගෙදරට එන්‍නේ, බලාපොරොත්තු නොවුණු අමුත්තෝ කීපදෙනෙක්. මෙයාලා එන්නේ, ලෝක විනාශය ගැන විශ්වාසයෙන් සහ එය නවත්වන්න අපේ මේ කුඩා පවුලේ සහයෝගය බලාපොරොත්තුවෙන්. මෙයාලාට කරන්න වෙන්නේ මොනවාද? ලෝක විනාශය නවත්වන්න පුළුවන්ද? කොහොමද? මේක තමයි කතාවේ සාරාංශය.




Knock at the Cabin (2023) නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. The Cabin at the End of the World කියන නවකතාව Paul G. Tremblay තමයි රචනා කරලා තියෙන්නේ. මේ කතාව පදනම් කරගෙන M. Night Shyamalan විසින් තිර රචනය කරලා, අධ්‍යක්‍ෂණය කරලා තමයි මේ නිර්මාණය එලි දකින්නේ. Universal Pictures මඟින් ලොව පුරා බෙදා හැරුණු මේ චිත්‍රපටිය, මේ වනකොටත් සාර්ථක ලෙස තිරගත වෙනවා.


රඟපෑමෙන් දායක වෙනවා, Dave Bautista (ලෙනාර්ඩ්), Jonathan Groff (එරික්), Ben Aldridge (ඇන්ඩෘ), Kristen Cui (වෙන්) ඇතුලු සුළු පිරිසක්. මේ කතාවේ ඇත්තටම තියෙන්නේ ඉතා සීමිත චරිත ප්‍රමාණයක්. හැබැයි, කතාවටවත් චිත්‍රපටියටවත් ඒකෙන් කිසිම හානියක් නෑ.


එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය බලලා රසවිඳින්න. හැමදාම වගේ කියන්නේ, මේ උපසිරැසි වල අඩුපාඩු, හොඳ නරක, ගුණ දොස්, ගල් මුල් අපිට කියන්න. එතකොට අපිට පුළුවන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව තව තවත් වැඩි කරගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page