top of page

Lady Driver (2020) සිංහල උපසිරැසි


ඔන්න මම අලුත්ම ලස්සන කතාවක උපසිරැසි අරගෙන ආවා. මේක තරුණ ලස්සන කෙල්ලෙක් ගැන කතාවක්. 2020 මැයි මාසේ තමයි එලියට ආවේ. ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය වෙච්ච කතාවක් මේ. Shaun Paul Piccinino විසින් අධ්‍යක්ෂණය කරපු මේ සිනමා පටය ලස්සන කරන්න රගපෑමෙන් දායක වෙනවා Grace Van Dien, Sean Patrick Flanery, Christina Moore, David Gridley වගේ අය.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මේක තරුණ කෙල්ලෙක් තමන්ගේ ඇත්ත තාත්තා ගැන හොයන්න යන වෙලාවක, අහම්බෙන් වගේ ගරාජයක වැඩ කරන මාමා මුණ ගැහෙනවා. මේ කෙල්ල, එලී, කොහොමටත් දක්ෂයි වාහන අලුත්වැඩියා කරන්න. ඒ නිසා මාමා එක්ක ගිම්හාන කාලය මේ ගරාජයේ ගත කරන්න තීරණය වෙනවා. මේ තීරණය නිසා එලීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි මේ සිනමා පටය බලලාම දැන ගන්න එක හොදයි...


එලීගේ චරිතය කරන තරුණ නිලියගේ තියෙන ජව සම්පන්න බව නිසා සහ කෙලිලොල් හිනාව නිසා මේ සිනමා පටය තව තවත් ජනප්‍රිය වුනා කියලා ගොඩාක් විචාරකයෝ අදහස් දක්වලා තියෙනවා. කොහොම වුනත් හොද කතාවක්.


කතාව ගැන විස්තර කියවන්න





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.






චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

11 views0 comments
bottom of page