top of page

Last Seen Alive (2022) සිංහල උපසිරැසි


Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ චිත්‍රපටිය ප්‍රේක්‍ෂකයන් අතරට මුලින්ම ගියා කියන්න පුළුවන්. මොකද මේ වගේ කතා තේමාවන්, ඉංග්‍රීසි චිත්‍රපටි අතරේ සුලබ නිසා. කොහොමවුනත්, අපිට වෙනස් විදියේ අත්දැකීමක් දෙන්න අධ්‍යක්‍ෂකතුමා සමත්වෙලා තියෙනවා. පැයකුත් විනාඩි තිස්පහක් එක දිගටම බලන්න පුළුවන් වෙන විදියේ නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න මම කැමතියි.


Brian Goodman විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, Marc Frydman විසින් දක්‍ෂ ලෙස තිර රචනයෙන් දායක වෙච්ච එකක්. රඟපෑම සඳහා ‍තෝරාගත්තෙත් ඒ ඒ චරිත වලට හරියටම ගැලපෙන අය කියලා චිත්‍රපටිය බලනකොට තේරෙනවා. ඒ කට්ටිය, Gerard Butler (විල් ස්පෑන්), Jaimie Alexander (ලීසා ස්පෑන්), Russell Hornsby (පීටර්සන්), Michael Irby (ඔස්කාර්) ඇතුළු පිරිසක්.


කතාව ගැනත් ඉතා කෙටියෙන් කියන්නම්. විල් සහ ලීසා දෙපල සුළු පවුල් ආරවුලක් නිසා, ලීසාව ඇයගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවන්න එනවා. නිවසට ආසන්නයේ තිබෙන පිරවුම් හලක නවත්වන්නේ, ඉන්ධන ලබාගැනීම සඳහා. නමුත්, එහිදී සිදුවන්නේ අනපේක්‍ෂිත සිදුවීමක්. ඒ නිසා ලීසා අතුරුදහන් වෙනවා. මෙතනින් එහාට මොකක්ද සිදුවෙන්‍‍නේ කියලා චිත්‍රපටිය බලලාම තමයි දැනගන්න වෙන්නේ. මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


Last Seen Alive 2022
.zip
Download ZIP • 36KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




16 views0 comments
bottom of page