top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Lou (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Lou (2022) ලස්සන ත්‍රාසජනක සහ ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් තේමාවක් යටතේ නිර්මාණය ‍වුණු සිනමා කෘතියක්. ඉතා සීමා සහිත චරිත ප්‍රමාණයක් පාවිච්චි කරපු මේ කතාව, වෙනස් අත්දැකීමක් ප්‍රේක්‍ෂකයන්ට ලබා දෙනවා නොඅනුමානයි. චිත්‍රපටියේ කතාව දිවෙන්නේ ඔර්කස් දූපත පසුබිම් කරගෙන. නමුත්, ඇත්තටම මේක රූගත කරලා තියෙන්නේ කැනඩාවේ වැකුවර් දූපතේ.

රේටිං අතිනුත් ‍චිත්‍රපටිය යම් තරමකට ඉදිරියෙන් ඉන්නවා. මේ ලිපිය ලියන මොහොතේදී IMDB 6.1, Rotten Tomatoes 70%, Metacritic 51%, Google Users 84% වගේ අගයන් වල ඉන්නවා. සැප්තැම්බර් 23 නිකුත් කෙරුණු චිත්‍රපටිය, මාසයකටත් අඩු කාලයකදී මේ වගේ රේටිං ලබා ගැනීම, එක විදියක ජයග්‍රහණයක්.


Anna Foerster විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. Bad Robot නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය Netflix සමාගම විසින් ලොව පුරා බෙදාහැරුණා. රඟපෑමෙන් දායක වුනා, Allison Janney (ලූ), Jurnee Smollett (හැනා), Logan Marshall-Green (පිලිප්), Ridley Asha Bateman (වී), Matt Craven (රැන්කින්) ඇතුළු පිරිසක්.


මේ උපසිරැසියත් මම hearing impired පහසුකම එක්ක හැදුවේ. කලින් එකට ලැබුණු හොඳ ප්‍රතිචාර නිසා, හදිස්සියේ නොකරන හැම උපසිරැසියක්ම මෙහෙම කරන්න හිතුවා. ඒ නිසා, චිත්‍රපටිය නිකුත් කරපු ගමන්ම උපසිරැසිය දෙන්න බැරිවේවි, ඒත් හැකි ඉක්මනින් හොඳ ගුණාත්මක උපසිරැසියක් ලබා දෙන්නම්.


කතාව කෙටියෙන් කියන්නම්. ලොකු කුණාටුවක් අස්සේ වී නැමැති කුඩා ගැහැණු දරුවෙක් පැහැරගන්නවා. ඇයගේ අම්මා, අසල්වැසි අභිරහස් කාන්තාවක් සමඟින් එකතු වෙන්නේ පැහැරගත්ත කෙනාව හොයාගන්න. එහිදී හෙලිදරව් වන්නේ කිසිවෙකුත් බලා‍පොරොත්තු නොවුනු රහස් මාලාවක්. ලූ ඇඩෙල් ලියපු ලියුමක මෙහෙම තිබ්බා.


මම කවදාවත් වැඩි වචන ගානක් ලිව්වේ නෑ,

ඒ නිසා මේකත් කෙටි කරනවා.

මේ ගෙදර ඔයාගේ. විකුණන්න.

ජැක්ස්ට මාස තුනකට හරියන්න කෑම තියෙනවා.

ඔයාට සල්ලි ටිකකුත් තියෙනවා.

ජීවිතේ දෙවෙනි අවස්ථා දෙන්නේ නෑ,

ඒත් සමහර වෙලාවට අළුත් ආරම්භයක් දෙනවා.

ඔයා මම කලාට වඩා

ලෝකේ හොඳ තැනකට ගෙනේවි.


මේ අභිරහස් ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page