top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Malasaña 32 (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Malasaña 32 (2020) ජනප්‍රිය වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටියක්. භාෂාව ගැන හිතන්නේ නැතිව චිත්‍රපටි බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මොකද මේක ස්පාඤ්ඤයේ හදපු හොඳම horror චිත්‍රපටි අතර ඉහල ස්ථානයක තියෙන කතාවක්. හරියට බැලුවොත්, සෑහෙන්න බය වෙන චිත්‍රපටියක්.


මේක ස්පාඤ්ඤයේ නවකතාවක් ඇසුරෙන් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. නවකතාව ලියලා තියෙන්නේ Ramon Campos කියලා කෙනෙක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Albert Pintó. ගොඩාක් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. රගපෑමෙන් දාකය වෙනවා ලස්සන තරුණ නිලියක්. Begoña Vargas. එයාගේ මුහුණේ හැගීම්, රගපෑම මේ චිත්‍රපටිය තවත් බය හිතෙන එකක් කරන්න සමත් වෙලා තියෙනවා. මීට අමතරව රංගනයෙන් Ivan Marcos, Bea Segura, Sergio Castell යන අය දායක වෙනවා.


මේකේ ratings ගැනත් හොයලා බැලුවොත්, IMDB 5.5, Rotten tomatoes 45%, Film Affinity 4.9, Google Users 79% මේකට කැමැත්ත දීලා තියෙනවා.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, 1976 දී, මැඩ්‍රිඩ් නගරේ ගොඩනැගිල්ලකදී හමුවෙනවා මියගිය කෙනෙක්. පුටුවක මියගිහින් තිබියදී හොයාගන්නේ ඒ ගොඩනැගිල්ලේම ඉන්න පොඩි දරුවෙක්. අවුරුදු කිහිපයකට පස්සේ, ඒ ගෙදරට එනවා ගමේ ඉදලා ආපු පවුලක්. මේ පවුලේ සමාජිකයන්ට මේ අලුත් ගෙදරදී මුහුණ පාන්න වෙන්නේ, හිතාගන්න බැරි දේවල් කිහිපයක්. මියගිය ආත්ම මෙයාලා එක්ක ගණුදෙනු කරන්න හදනවා. ඒකෙන් ගැලවෙන්න, ගොඩාක් දේවල් කරන්න මේ පවුලේ අය පසුබටවෙන්නේ නෑ. මේ ගැන විස්තර දැනගන්න, හිතපුරා බයවෙන්න, මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...








සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 commentaire


බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා.!! 👊👊👊

J'aime
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page