top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Man with no Past (2025) සිංහල උපසිරැසි


නගරයට ආගන්තුක පිරිමියෙක් පැමිණෙනවා. මෙයාට නගරය ආගන්තුකයි කියලා දන්නේ, මෙයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැති නිසා. හැබැයි, නවාතැන් ගත්ත තැන තියෙන පොතේ ලියලා තියෙන විදියට, නම රයිඩර්. ඒ නිසා එයා ඒ නම පාවිච්චි කරන්න හිතුවා. හැබැයි, සැරින් සැරේ එයාට පරණ මතකයන් ගලාගෙන එනවා. මේවා මේ ආත්මයේ පැරණි මතකයන් නෙමෙයි, හැබැයි පෙර ආත්ම කීපයකම සිදුවුණ ‍දේවල්. ඒ මතකයන් එක්ක, රයිඩර්ගේ ඉරිදි ගමන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.


රයිඩර්ගේ මතකයන් වල හැටියට එයාට මේ වටපිටාවේ ඉන්න ගොඩාක් දෙනෙක්ව, කලින් හමුවෙලා වගේ දැනෙනවා. ඇත්තටම ඒ එක ආත්මයක විතරක් නෙමෙයි, හැබැයි ආත්ම කීපයකම. දැන් මේ නගරේ අයිතිකාරයා වගේ ඉන්නේ පෝල් සන්බෝන්. එයා නගරය කඩා බිඳලා දාලා සංවර්ධන ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ. ඒකත් එක්ක තමයි රයිඩර්ටත් ප්‍රශ්න ඇතිවෙන්නේ. ඉදිරි කතාව බලන්න, මේ සිංහල උපසිරැසිය පාවිච්චි කරන්නකෝ.


James Bamford තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා. එක විදියකට අමුතු කතාවක් අධ්‍යක්ෂණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි සියළුම නළු නිලියන්ව ලස්සනට හසුරුවලා මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ඇත්තටම දක්ෂ වැඩක්. ඒ තරම් ලස්සනට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය කතාව ලියලා දීලා තියෙන්නේ Steven Paul. ඒ වගේම Trevor Mirosh ගේ සංස්කරණයත් මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න ගොඩාක් බලපාලා තියෙනවා. අතීතයේ දේවල්, පෙර ආත්ම වල දේවල්, ලස්සනට එකිනෙක ගලපලා තියෙනවා. රඟපෑමෙන් දායක වුනා Jon Voight (පෝල් සන්බෝන්), Adam Woodward (රයිඩර්), Marton Csokas (සෝක්), Charlotte Vega (මෝගන්) ඇතුළු පිරිසක්.


වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page