top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Mavka: The Forest Song (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

මව්කා කියන්නේ, ගොඩාක් හිත හොඳ කැළැවේ ජීවත් වෙන අප්සරාවක්. කැළෑව ආරක්ෂා කරන්න ඉන්නේ ඒ කැළෑ වැසියන්. දවසක්, මේ කැළෑවට ඇතුල් වෙන මිනිහෙක්, ඇත්තටම ඒ ගමේ ලී මෝලේ අයිතිකරු, එයාගේ අළුත උපන් අසනීපයෙන් පෙළෙන දියණිය සුව කර ගැනීමට, කැළෑවේ හදවතේ තියෙන ජීවයේ උල්පතෙන් දිය බිඳුවක් ඉල්ලා සිටිනවා. කැළෑ වැසියන් සහ ආරක්ෂකයා මේ මිනිසාගේ වචනය විශ්වාස කරලා, දිය බිඳුවක් දෙනවා. හැබැයි, මේ දුෂ්ඨ සිතැති ලී මෝල් හිමිකරු, මිනිස් හමුදාවක් අරගෙන ඇවිත්, මේ ජීවයේ උල්පත අත්පත් කරගන්න හදනවා. ඇතිවෙන යුද්ධයෙන් කැළෑ වැසියන් ජය ගන්නවා. හැබැයි, එදා ඉඳලා කැළෑව, මිනිස්සුන්ට තහනම් කලාපයක්. දැන් තමයි අපේ කතාව පටන් ගන්නේ. ඔයාලාත් චිත්‍රපටිය බලන්න. ලස්සන කතාවක් එතනින් එහාට බලන්න පුළුවන්.


මේක ඇත්තටම යුක්රේනයේ නිර්මාණය වුණු චිත්‍රපටියක්. යුක්රේන් ජාතික Lesya Ukrainka විසින් නිර්මාණය කරපු Lisova pisnya (The Forest Song) කියන කාව්‍යමය නාට්‍යය පදනම් කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Yaroslav Voitseshek විසින් ලියැවුණු තිර පිටපත, චිත්‍රපටියක් බවට පත් කරන්නේ Oleh Malamuzh ගේ අධ්‍යක්ෂණයෙන්. කටහඬ ලබා දෙමින් දායකත්වය ලබා දීලා තියෙනවා, Natalka Denysenko (මව්කා), Artem Pyvovarov (ලූකස්), Olena Kravets (කිලිනා), Serhiy Prytula (ෆ්‍රොල්) ඇතුලු පිරිසක්.


මේ යුධ තත්වය අස්සේ නිර්මාණය වුණු චිත්‍රපටිය, මිනිස්සුන් සාමයෙන් ජීවත් වීමේ අගය කියා පාන එකක්. Web ratings අතින් බැලුවාමත් මේ චිත්‍රපටිය ඉදිරියෙන් ඉන්නවා. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 7.0, Film Affinity 5.9, Google Users 94% වගේ ප්‍රමාණයක් ලබාගෙන තිබ්බා.




Animation චිත්‍රපටි වලට ආස හැමෝටම ආශාවෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. එ‍හෙනම්, හැමදාම කියනවා වගේ, මේ උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න. පුළුවන් හැමොම, මෙකේ තියෙන අඩුපාඩු, හොඳ නරක, ගුණ දොස්, ගල් මල් අපිට කියන්න. ඒක එක විදියක දිරිමත් කිරීමක්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page