top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Mission Impossible: Dead Reckoning Part 1 (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ඊතන් හන්ට් සහ IMF සංවිධානය ගැන කලින් චිත්‍රපටි බලපු අය දන්නවානේ. මේ සිද්ධියේදී, ඊතන් හඹා යන්නේ අළුත්ම සහ භයානක සහ තර්ජණාත්මක ආයුධයක් පිටිපස්සෙන්. මේ ආයුධය අයිති කරගන්නා හෝ ඒහි පාලනය අරගන්න කෙනා, මුළු ලෝකයම පාලනය කරනවා වගේ කියලා කියන්නේ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ, ඒ ආයුධයට කරන්න පුළුවන්, හිතාගන්න බැරි මෙහෙයුමක් සමඟින්. මේ වගේ ආයුධයක් අතට අරගෙන, මුළු ලෝකයම පාලනය කරන්න මොන රාජ්‍යයද අකමැති වෙන්නේ? ඒ නිසා, හැම රජයක්ම, තම තමන්ට පුළුවන් ආකාරයට, මේ ආයුධය අත්පත්කරගන්න මෙහෙයුම් දියත් කරනවා.


ඊතන්ට මේ ආයුධයේ පාලනය අරගන්න පුළුවන් වෙයිද? එයා මේ වතාවේ මොන වගේ ක්‍රියාදාම වලට මුහුණ දේවිද? පැය තුනකට ආසන්න කාලයක් පුරා චිත්‍රපටිය දිව ගියත්, පොඩ්ඩක් වත් කම්මැලි නැතිව, එක දිගට නරඹන්න පුළුවන් විදියට මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම මේක චිත්‍රපටි ද්විත්වයක පළවෙනි කොටස. මේකේ දෙවෙනි කොටසත් අපිට නරඹන්න හැකියාව ලැබේවි, ඊළඟ අවුරුද්දේ ජූනි මාසයේදී.




Christopher McQuarrie විසින් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. Bruce Geller විසින් රචනා කරන ලද Mission: Impossible නැමැති නවකතා‌ව සහ එහි චරිත පදනම් කරගෙන තමයි, මේ චිත්‍රපටියේ කතාව නිර්මාණය වෙන්නේ. මේ වතාවේ චිත්‍රපටියේ නිෂ්පාදනයටත් Tom Cruise සම්බන්ධ වෙලා. චරිත නිරූපණයෙන් දායක වෙලා තියෙනවා, Tom Cruise (ඊතන්), Hayley Atwell (ග්‍රේස්), Ving Rhames (ලූතර්), Simon Pegg (බෙන්ජි) ඇතුළු විශාල පිරිසක්.


ගොඩාක් විචාරකයන් පවසන විදියට, මේ චිත්‍රපටිය තනිකරම Tom Cruise නිසාම ජනප්‍රිය වෙන එකක්. ඒ අදහස ඇත්ත කියලා පේන්නේ චිත්‍රපටිය පුරාවට ඔහුගේ දක්ෂ රංගනය දකිනකොට. කිසිම වෙලාවක, මේ රඟපාන්නේ අවුරුදු 61ක් වයසැති කෙනෙක් කියලා දැනෙන්නේවත් නෑ.


මේ ලිපිය ලියන වෙලාවේ තිබ්බ web ratings ගැනත් වචනයක් කියන්න හිතුවා. IMDb 7.9, Rotten Tomatoes 96%, Google Users 94% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


ඔන්න එහෙනම් සිංහල උපසිරැසිය. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, අදහස් යෝජනා චෝදනා කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page