top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

My Spy: The Eternal City (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්‍රපටියේ දෙවෙනි කොටසක් විදියට එලි දැක්වුණු My Spy: The Eternal City (2024) චිත්‍රපටියට.


ජේජේ සුපුරුදු පරිදි වැඩිපුර හමුදා උපක්‍රම යොදාගෙන දරුවන්ව ආරක්ෂා කරන කෙනෙක්නේ. සොෆී දැන් ටිකක් ලොකු ළමයෙක්. එයා පාසලේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන්ගේ දක්ෂතා නිසා, ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා ගීතිකා ගායනා කරන්න, ඉතාලියේදී. මේ ඉතාලි සවාරිය පිටිපස්සේ තියෙන රහසිගත සිදුවීම් ගැන කවුරුවත් අනුමාන කලේ නෑ. මේ අර්බුධ සහ ආරවුල් වලට මෙයාලා මුහුණ දෙන්නේ කොහොමද? න්‍යෂ්ඨික අවි සම්බන්ධ සිදුවීමකුත් මේ චිත්‍රපටියේ තියෙනවා.


මේක ළමා චිත්‍රපටියක් වුනාට, අපේ රටේ සංස්කෘතිය ගැන වැඩිපුර කියවන අයට නම්, මේක ළමා චිත්‍රපටියක් නොවේවි. කාන්තාවන්ගේ ඔසප් වීම් වගේ දේවල් සැඟවිය යුතුයි කියලා හිතන අයට මේක නොගැලපේවි. දැනගෙන බලන්න.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Pete Segal විසින්. Erich Hoeber සහ Jon Hoeber දෙදෙනා නිර්මාණය කරපු චරිත තමයි මේ චිත්‍රපටි දෙකටම පාදක කරගෙන තියෙන්නේ. Amazon MGM Studios තමයි ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Dave Bautista (ජේජේ), Chloe Coleman (සොෆී), Kristen Schaal (බොබී), Ken Jeong (කිම්) ඇතුළු පිරිසක්.


එහෙනම්, හැමෝම, සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page