top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Over the Moon (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න.


මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි දක්වපු සිනමා පටයක්. වෙනස් කතා තේමාවක් තෝරගත්ත නිසාම, වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක්. එයාලා තමයි Glen Keane සහ John Kahrs. මේකට කටහඩ දායකත්වය දීලා තියෙනවා Cathy Ang, Brycen Hall, Robert G. Chiu සහ Phillipa Soo ඇතුලු පිරිසක්. මේ වෙනකොටත් IMDB එකේ 6.7 වගේ අගයක් අරගෙන තියෙනවා මේ කතාව.


කතාව: අම්මාගේ කතා අහලා හඳේ ජීවත් වෙන දේවතාවයක් ගැන විශ්වාස කරන ෆේ ෆේ තමයි කතා නායිකාව. එයා හිතාගෙන ඉන්න විදියට ඒ දේවතාවිය ආදරයේ උපරිමය. ඉතිං මේ දේවතාවිය හමුවෙන්න රොකට් එකක් හදාගෙන හදට යන හැටි තමයි මේ සිනමා පටයේ තියෙන්නේ. ලස්සනට, සංගීතය හොදින් යොදවලා නිර්මාණය කරලා තියෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

2 views0 comments

Recent Posts

See All

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page