top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Back in Action (2025) සිංහල උපසිරැසි


මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි, ලෝකයේ ප්‍රධාන දේවල් පාලනය කරන්න පුළුවන් යතුරක්. මේකෙන් න්‍යෂ්ඨික අවි, විදුලි බලාගාර ඇතුළු ගොඩාක් දේවල් පාලනය කරන්න පුළුවන්. මේක අවුරුදු 15කට කලින් සිදුවෙන්න පුළුවන් දෙයක්නේ. ඉතිං, මේ යතුර අරගන්න තව අයත්, පාතාල කල්ලිත් බලාගෙන ඉන්නවා. මේ පාතාල කල්ලි මෙයාලාගේ මේ මෙහෙයුමට බාධා කරන්නේ කොහොමද? හැබැයි, මේ බාධාවෙන් පස්සේ, මෙයාලා තීරණය කරනවා, රහස් ඔත්තු සේවයෙන් විශ්‍රාම යන්න. ඇයි ඒ? මේවා ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න තමයි වෙන්නේ.


Seth Gordon විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. හැම හොඳ චිත්‍රපටියක්ම මේ දවස්වල බෙදාහරින්නේ Netflix නේ. මේකත් එයාලා තමයි බා‍රගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Jamie Foxx (මැට්), Cameron Diaz (එමිලි), McKenna Roberts (ඇලිස්), Rylan Jackson (ලියෝ), Glenn Close (ජිනි) ඇතුළු පිරිසක්.


මේ චිත්‍රපටයේ web ratings ටිකක් අමුතු විදියට තියෙන්නේ. ඒ නිසා මගේ අදහස තමයි, ඒවා හිතන්නේ නැතුව, චිත්‍රපටිය නරඹන්න. මම වගකීමෙන් කියනවා, මේක බලන්න හොඳ චිත්‍රපටියක්. ඒත්, මේ ලිපිය ලියන මො‍හොතේදී ලබාගෙන තිබුණු අගයන් තමයි, IMDb 5.9, Rotten Tomatoes 28%, Metacritic 46%, Google Users 60%.


චිත්‍රපටිය රූගත කරන අතරතුර වෙච්ච සිදුවීමක් ගැන කියන්නම්. ප්‍රධාන චරිතය රඟපාන Jamie Foxx, රූගත කිරීම අතරතුරදී ඇතිවුණු හදිසි රෝගී තත්වයක් නිසා, මොළයේ ලේ ගැලීමක් සිදුවුනාලු. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ, එයාට බේරෙන්න තියෙන්නේ 5%ක අවස්ථාවක් විතරයි කියලා. මේක සිදුවුනේ 2023 අවුරුද්දේ අප්‍රේල් මාසේ. මේ වෙනකොටත් චිත්‍රපටියේ රූගත කිරීම් අවසන් වෙලාවත් නෑ. හැබැයි, කොහොමහරි, හිමින් හිමින්, අපේ වීරයා, සුව වෙන්න ගත්තාලු. එයාට ආපහු ඇවිදින විදිය, සමහර දෙබස් හයියෙන් කියන්න, අළුතෙන් පුහුණු කලාලු. අන්තිමේදී කොහොමහරි චිත්‍රපටියේ වැඩකටයුතු අවසන් කරලා, මේ අවුරුද්දේ තමයි එලියට දාන්න ලැබුනේ.


එහෙනම්, හැමදාම වගේ, මේ සිංහල උපසිරැසිය එක්ක, චිත්‍රපටිය රසවිඳින්න ආරාධනා!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


14 views0 comments

Recent Posts

See All

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page