top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Pawn (Dambo / 담보) (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

කොරියානු චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අරගෙන ආපු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි Pawn (Dambo / 담보) (2020). කොරියානු කතා වල ගොඩාක් දකින්න ලැබෙන, අපූර්වත්වය මේ කතාවෙත් හොඳට තියෙනවා. බලන්න ගත්තාම ඉවර වෙනවා දැනෙන්නේ නැති ගතියක් තියෙන්නේ. මමත් කාලෙකින් බලපු, හොඳ සංවේදී චිත්‍රපටියක්. රේටිං වලිනුත් තරමක් ඉදිරියෙන් ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. IMDB 7.6, Google Users 96% මේ වෙනකොට ලබාගෙන තියෙනවා.


Dae-gyu Kang විසින් අධ්‍යක්ෂණය කරපු තවත් චිත්‍රපටියක් මේ. තව විශේෂත්වය තමයි, යොදාගෙන තියෙන නළු නිලි කණ්ඩායම. මහ ගොඩාක් චරිත නැති මේ චිත්‍රපටියට, හරියටම ගැලපෙන කට්ටිය තෝරගෙන තියෙන නිසා, මේ තරම් ජනප්‍රියතාවක් ලබාගෙන තියෙනවා කියලායි මගේ හැඟීම. රඟපාන්නේ Dong-il Sung (ඩූ-සූක්), Hee-won Kim (ජොන්-බේ), Ha Ji-Won (සුන්-යී වැඩිහිටි) සහ So-yi Park (සුන්-යී ළමා) ඇතුළු පිරිසක්. මෙහෙදී ළමා නිළියගේ රඟපෑමත් ඉතා ඉහල මට්ටමක තියෙනවා.


කතාවේ මූලාරම්භය තියෙන්නේ 1993 වර්ශයේ. ඩූ-සූක් කියන්නේ ණය එකතු කරන්නෙක්. ඔහු ම්‍යුන්-ජා කියන කාන්තාවගේ ණයක් ආපසු අයකරගන්න යන ගමනේදී, ඇයගේ දුව, සුන්-යී ව ඇපයකට, නැත්නම් උකසකට අරගන්නවා. හැබැයි, මේ උකස, ආපහු අරගන්න ම්‍යුන්-ජා ටවත් ආපසු දෙන්න ඩූ-සූක් ටවත් ලැබෙන්නේ නෑ. උකසට මොකද වෙන්නේ? සුන්-යී ගේ අනාගතය මොකද වෙන්නේ? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page