top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Peter Rabbit 2: The Runaway (සිංහල උපසිරැසි)

Nilusha Hemal Alahakoon

Peter Rabbit 2: The Runaway (2021) මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. පළවෙනි එක බලපු හැමෝම බලාගෙන හිටියේ දෙවෙනි එකක් එනවාද කියලා, මේක ආවාට පස්සේ බලන්න ඉවසිල්ලක් නැතුව හිටියානේ. මෙන්න දැන් උපසිරැසිය. මේ චිත්‍රපටිය ඇත්තටම එලි දක්වන්න හිටියේ 2020 අප්‍රේල් මාසේ. ඒත් කොරෝනා ප්‍රශ්න නිසා අගෝස්තු මාසෙට කල් ගිහින්, අන්තිමේදී නිකුත් කෙරුනේ 2021 ජූනි 21 වෙනිදා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට තියෙනවා. IMDB 6.2, RottenTomatoes 65%, Metacritic 43%, Google Users 88% වගේ ප්‍රමාණ වලින්. ආදායම අතිනුත් සාර්ථක මාවතක යනවා.


මේක Peter Rabbit පළවෙනි කතාවේම ඉදිරි දිගහැරුමක්. පළවෙනි කතාව අධ්‍යක්ෂණය කරපු Will Gluck තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නේ. කතාව සහ තිර රචනයත් එයාගේමයි. මේ කතා දෙකම Beatrix Potter විසින් රචනා කරපු Peter Rabbit කියන කතා පොතේ චරිත ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Rose Byrne (බී), Domhnall Gleeson (තෝමස්), David Oyelowo (නයිජල්). ඒ වගේම කටහඬින් දායකත්වය දෙනවා James Corden (පීටර්), Colin Moody (බෙන්ජමින්), Margot Robbie (ෆ්ලොප්සි) ඇතුළු ලොකු පිරිසක්. පරිගණකයෙන් නිර්මාණය කෙරුණු චරිත සමඟ ඇත්ත මිනිස්සුන්ට රඟපාන්න ලේසි නෑ. මේ අභියෝගය ජය ගන්න අධ්‍යක්ෂකවරයා සහ නළු නිළියන් හොඳින් සමත්වෙලා තියෙනවා.


කතාව ගැන කෙටියෙන් කියනවානම්, පීටර් කොහොමත් දඟ හාවෙක්. තෝමස් සහ බී දෙන්නා විවාහ වෙලා, පීටර් ඇතුළු කණ්ඩායම එක්ක පවුලක් ගොඩනගා ගන්නවා. බී එයාගේ දෙවෙනි කතා පොත ගැන හිතන්න අරගන්නේ මේ දවස්වල. ඒකට නයිජල්ගේ අතදැමීම වැඩියි. ඒ අතරේ පීටර්ට නගරයේ යාළුවෙක් මුණ ගැහෙනවා. එයා හොරෙක්. පීටර්ට දැනෙනවා, එයාව හොඳට ගනන් ගන්නේ මේ හොර යාළුවා කියලා. ඉතිං, මේ යාළු කම ඉදිරියේදී මොන වගේද? බී ගේ දෙවෙනි පොතට මොකද වෙන්නේ? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page