top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Red Notice (2021) සිංහල උපසිරැසි

Updated: Nov 25, 2021


Red Notice (2021) හැමෝම බලන්න බලාගෙන හිටපු කතාවක්. මේ මාසේ මුල නිකුත් කෙරුණාට, සෑහෙන පිරිසක් මේ වෙනකොටත් චිත්‍රපටිය නරඹලා තියෙනවා. විවිධ විවේචන සහ ඇගයීම් මධ්‍යයේ, හොඳ සාර්ථකව තිරගත වෙන චිත්‍රපටියක් විදියට මේක නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Dwayne Johnson ගේ චිත්‍රපටියක් කියන්නේම ප්‍රේක්ෂක ආකර්ෂණය නිතැතින්ම ලැබෙන එකක්. ඒ නිසාමදෝ, චිත්‍රපටිය ගැන හැමෝම කියන්නේ හොඳ. Ratings අතින් ගත්තත් හොඳ මට්ටමක තියෙනවා. මේ ලිපිය ලියනකොට, IMDB 6.4, Google Users 88% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.


Rawson Marshall Thurber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාවත් ඔහුගේම නිර්මාණයක්. වෙනස් විදියේ කතාවක් යොදාගත්තත්, ‍තේමාව සාමාන්‍ය ඇමරිකානු චිත්‍රපටි කතාවක් කියලා සමහර අය චෝදනා කරනවා. චිත්‍රපටියට යොදාගත්ත නළු නිළි කණ්ඩායම නම් අති විශිෂ්ඨයි. මේ චිත්‍රපටියේ රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (ජෝන් හාට්ලි), Ryan Reynolds (නෝලන් බූත්), Gal Gadot (බිෂොප්) සහ Ritu Arya (ඉන්ස්පෙක්ටර් දාස්) එක්වෙනවා.


කතාව ගැන කෙටියෙන් කිව්වොත්, අන්තර්ජාතික පොලිසිය කලා කෘති හොරකමක් පසුපස්සේ යනවා. ඒ ක්ලියෝපැට්‍රාට අයිතිව තිබුණු බිත්තර තුනක් හොයාගෙන. මේ වෙලාවේ ඒවා හොරකම් කරන්න තවත් දෙදෙනෙක් යොමුවෙලා. වැඩිය කතා නැතිව, මේ චිත්‍රපටිය නරඹන්න. රසවිඳින්න!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.







Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



4 Comments


Sisira Kumara
Sisira Kumara
Nov 21, 2021

Where is the download link ?

Like
Nilusha Alahakoon
Nilusha Alahakoon
Nov 25, 2021
Replying to

දැන් හරි... 😉

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page