top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Ron's Gone Wrong (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Ron's Gone Wrong (2021) ගිය අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. Locksmith Animation සමාගමේ පළවෙනි චිත්‍රපටිය විදියට මේක එලි දැක්වුනත්, සෑහෙන්න ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබුණා. ගොඩාක් අය නොහිතපු විදියට, මේ කතා තේමාව රසිකයන්ගේ හිත් බැඳ ගත්තා. Ratings ගැන බැලුවොත් ඒක හොඳටම පේනවා. මේ ලිපිය ලියනකොට IMDB 7.1/10, RottenTomatoes 80%, Commen Sence Media 4/5, Google Users 86% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍ය චිත්‍රපටියකට වඩා වැඩි ජනප්‍රියතාවයක් මේක.


Peter Baynham සහ Sarah Smith දෙදෙනාගේ එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගෙන්නේ. තිර රචනයත් කරලා දෙන්නේ මේ දෙදෙනා. අධ්‍යක්ෂණය බාර ගන්නේ Sarah Smith සහ Jean-Philippe Vine දෙදෙනා. ඇනිමේෂන් එකක් නිසා, අධ්‍යක්ෂණය ගොඩාක් නිර්මාණාත්මක වෙන්න ඕනේ. ඒක මෙයාලා දෙන්නා හොඳට කරලා තියෙනවා. තම කටහඬින් දායක වුනා Jack Dylan Grazer (බානි), Zach Galifianakis (රොන්), Justice Smith (මාක්), Kylie Cantrall (සැවනා) ඇතුළු විශාල පිරිසක්.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා බී-බොට් යනුවෙන්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ සියළුම දේවල්, දත්ත (සමාජ මාධ්‍ය ජාලා හරහා) ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. ඇත්තටම මේ බී-බොට් නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුනෙන්. ඒත් එක බී-බොට් කෙනෙක් බානිට ලැබෙනවා, බබල් ජාලය හා සම්බන්ධ විය නො‍හැකි. ඒ රොන්. ඒ නිසාම රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. බානි සහ රොන් ගේ මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය ගොඩනැගෙන්නේ.

සිංහල උපසිරැසිය සමඟින්, මේ චිත්‍රපටියත් රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page