top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Slumberland (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ප්‍රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින් මියගොස් ඇති බව. මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු, නීමෝ අමුතු සොයාගැනීමක් කරනවා. ඒ ඇයට "සිහින දේශය" නැමැති මායාකාර සිහින ලෝකයකට ඇතුල් විය හැකි බව. එහිදී ඇයට හමුවෙන්නේ අනීතික ක්‍රියාවල යෙදෙන ෆ්ලිප් නැමැති අයෙක්. නීමෝගේ එකම අරමුණ, නැවත ඇයගේ තාත්තාව හමුවීම. මේ සඳහා ඇය හොයාගන්නවා ක්‍රමයක්. ඒ සිහින දේශයේ තියෙන නපුරු හීන සමුද්‍රයට යන මාර්ගය තියෙන සිතියමක්. මේ ගැන තමයි මේ චිත්‍රපටිය දිවෙන්නේ.


Slumberland නැත්නම් සිහින දේශය චිත්‍රපටිය 2022 අවුරුද්දේ නොවැම්බර් නිකුත් කෙරුණු සිනමා පටයක්. Winsor McCay නැමැති කාටූන් චිත්‍රකතා නිර්මාණ ශිල්පියාගේ Little Nemo කතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නේ. Francis Lawrence තමයි අධ්‍යක්‍ෂණය කලේ. Netflix ආයතනය විසින් බෙදාහරිනු ලැබුවා. ඩොලර් මිලියන 150ක පමණ වියදමකින් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලා. තවම ලැබූ ආදායම් ගැන හරි වාර්ථා ලැබිලා නෑ.


චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙනවා විශේෂ පුද්ගලයෙක්. ඒ Jason Momoa (ෆ්ලිප්). බේවොච් නාට්‍ය මාලාවේ අපි කවුරුත් ආදරය කරපු චරිතයක් කරපු විශිෂ්ඨ නළුවෙක්. ඔහු සමඟින් රඟපෑමෙන් එක්වෙනවා Marlow Barkley (නීමෝ), Chris O'Dowd (පිලිප්), Kyle Chandler (පීටර්), Weruche Opia (ග්‍රීන් පරීක්‍ෂක) ඇතුලු පිරිසක්.




Web ratings ගැනත් නොකිව්වොත් අඩුවක් කියලා හිතුනා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, චිත්‍රපටිය ලබාගෙන තිබ්බා, IMDB 6.7, Rotten Tomatoes 38%, Google Users 72% මත කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.


ළමා චිත්‍රපටියක් විදියට නිර්මාණය වුණු මේ චිත්‍රපටිය, ලෝකය පුරා ජනප්‍රිය වේගෙන යනවා. පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි, ෆැන්ටසි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් තමයි මේ. ඒ වුනත්, ලොකු කුඩා හැමෝටම භේදයකින් තොරව රස විඳිය හැකියි. එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක, චිත්‍රපටිය රස විඳින්න. ඔයාලාගේ අදහස් මේක බලලාම කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page