top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Soul (2020) සිංහල උපසිරැසි



SOUL (2020) ගිය අවුරුද්දේ හදපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ගොඩාක් දෙනෙක් ආදරයෙන් නරඹපු, හැමෝටම එක දිගටම බලන්න පුළුවන් ලස්සන කතාවක්.


මේ ලස්සන චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ, අධ්‍යක්ෂණයෙන් දෙදෙනෙක් එකතු වෙලා. Pete Docter සහ Kemp Powers දෙදෙනා. සාමාන්‍ය චිත්‍රපටියකට වඩා animation චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක අමාරු කාර්යයක්. මේකට හරියන තිර පිටපතක් තවත් වැදගත්. ඒ නිසාම මේ දෙදෙනාත් Mike Jones එක්ක එකතු වෙලා තමයි තිර පිටප හදලා තියෙන්නේ. රඟපෑමට, ඒ කියන්නේ කටහඩින් දායක වෙන්නේ Jamie Foxx, Tina Fey, Graham Norton යන අය සමග කණ්ඩායමක්.


Ratings ගැන කියනවා නම්, IMDB 8.1, Rotten Tomatoes 96%, Metacritic 83%, Google Users 93% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හිතාගන්න පුළුවන් නේද මේකේ තත්වේ.


කතාව ගැන කියනවා නම්, ජෝ ගාඩ්නර් කියන්නේ දක්ෂ පියානෝ වාදකයෙක්. මෙයා ජීවිත කාලෙම බලාගෙන ඉදලා, යාන්තම් දවසක් ලැබෙනවා ජනප්‍රිය වාදක කණ්ඩායමක් එක්ක වාදනය කරන්න. හැබැයි එදාම සිද්ධ වෙන අනතුරක් නිසා, ජෝ ගේ ආත්මය යනවා පෘථිවිය සහ මරණය අතර තියෙන කල්පිත ලෝකෙකට. මේකෙදී ජෝ ට ඉගෙන ගන්න ලැබෙන දේවල් බොහෝමයි. අතරමැදදී සිද්ධ වෙන තවත් අනතුරක් නිසා, පූසෙකුත් මේකට සම්බන්ධ වෙනවා. මේවා ගැන දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 則留言


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
2021年1月22日

කාලෙකට පස්සේ 😎 බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️..

ජය වේවා.!! 👊👊👊

按讚
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page