top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Sprit Untamed: The Movie (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Spirit Untamed (2021) චිත්‍රපටිය NetFlix කට්ටියගේම රූපවාහිණි කතා මාලාවක සිනමා දිගහැරුමක්. මේක Spirit Riding Free කියලාත් හඳුන්වලා තියෙනවා. කොහොම වුනත්, මේ අවුරුද්දේ නිෂ්පාදනය වුණු ඇනිමේෂන් චිත්‍රපටි අතරේ, අශ්වයන් සම්බන්ධ වෙච්ච එකම කතාව මේක. පොඩි දරුවන්ට නම් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්. ඒ වගේම, හරිම ලස්සනට ලියවිලා තියෙනවා... රේටිං ගැන විස්තර බැලුවොත්, මේ ලිපිය ලියන මොහොතේ IMDB 5.4, RottenTommatoes 46%, Metacritic 48%, Google Users 72% වශයෙන් ලබාගෙන තිබුණා...


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්‍නේ Elaine Bogan සහ Ennio Torresan දෙදෙනාගේ එකමුතුවෙන්. ඒ සඳහා අවශ්‍ය කරන තිර රචනය කරලා තියෙන්නේ Aury Wallington සහ Kristin Hahn දෙදෙනා එකතු වෙලා. හැබැයි, මේ කතාව සහ තේමාව අරගෙන තියෙන්නේ DreamWorks අයගේ කලින් කරපු චිත්‍රපටියක් ඇසුරෙන්. ඇනිමේෂන් චිත්‍රපටියක් නිසා කටහ‍‍‍ඬ දායකත්වය ගොඩාක් දුරට, චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපානවා. මේකට යොදාගත්ත අය හොඳට තොරලා බේරලා අරගෙන තියෙනවා කියලා කියන්න ඕනේ. නම් වශයෙන් කියනවා නම්, Isabela Merced (ලකී), Marsai Martin (පෘ), Mckenna Grace (ඇබිගේල්), Jake Gyllenhaal (ජිම්), Julianne Moore (කෝරා නැන්දා) ඇතුළු ලොකු පිරිසක්.


කතාව දිවයන්නේ කැළෑ අශ්වයෙක් වටා. ලකී ප්‍රෙස්කොට්, නිවාඩුව ගත කිරීමට ඇගේ උපන් ගමට එනවා. ඇයගේ අම්මා, දක්ෂ අශ්වයන් පිට ගමන් කරන්නියක් වුනත්, හදිසි අනතුරකින් මිය ගිහින්. ඒ සමඟම, ඇගේ තාත්තා, තීරණය කරනවා ලකීව සීයා යටතේ හැදි වැඩෙන්න දෙන්න. මේ ලකී තාත්තා දකින්නේ අවුරුදු ගානකට පස්සේ. ගමට ආවාට පස්සේ, ඇයට මුණ ගැහෙනවා කැළෑ අශ්වයෙක්. මේ අශ්වයාව සහ ඔහුගේ රංචුව අල්ලාගන්න හොර කණ්ඩායමක් සූදානමින් සිටිනවා. මේ සිදුවීම් අතරේ ලකී සහ ස්පිරිට් අශ්වයාගේ සම්බන්ධය තමයි කතාවේ තියෙන්නේ... ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page