top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Stillwater (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

2021 අගෝස්තු 6 වෙනිදා නිකුත් කෙරුණු Stillwater චිත්‍රපටියේ උපසිරැසි අරගෙන අද ආවේ. ඇමරිකානු චිත්‍රපටියක් වුනාට, මේක රූ ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ. ඒ නිසාම දෙබස් ගොඩාක් තියෙනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ හැම එකක්ම සිංහලෙන් ලියන්න මම උත්සාහ කලා. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ප්‍රංශ සහ ඇමරිකානු සංස්කෘති දෙක ගැනම කතා කරන නිසා, මේක මේ වෙනකොටත් ආදායම් වාර්ථා තබමින් තිරගත වෙනවා. වාර්ථා වන විදියට මේ වෙනකොටත් $16.9 මිලියනයක් ලබාගෙන තියෙනවා. Ratings වලින් මේ වෙනකොට ලබාගෙන තියෙනවා, IMDB 6.6, RottenTomatoes 75%, Facebook 3.4, Google Users 74%.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Tom McCarthy විසින්. ඔහු කතාව හොඳට රූප රචනය කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Matt Damon (බිල් බේකර්), Camille Cottin (වර්ජිනි), Abigail Breslin (ඇලිසන් බේකර්) සහ ළමා නිළි Lilou Siauvaud (මායා).


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ඇලිසන් හිරේ යන්නේ මිනිමැරීමේ චෝදනාවකට. ඇයගේ පෙම්වතියගේ. සමාජය, ඒ සමලිංගික සම්බන්ධයට විරුද්ධ වන්නේ, ඇයව මිනිමරුවෙක් කිරීමෙන්. අවුරුදු පහකට පසු ඇයගේ පියා, බිල් බේකර් ඇයගේ සුවදුක් බැලීමට හිර ගෙදරට යන්නේ, ආච්චිට තවදුරටත් ඒ ගමන යා නොහැකි නිසා. ඇලිසන්ගේ නිවරදි බව ඔප්පු කිරීමට බිල් බේකර් පෙළඹෙන්නේ ඉන් පසුවයි. ඒ වෑයම සාර්ථක වෙයිද? බිල් බේකර්ගේ අනාගතය මොන‍වගේ වෙයිද? වර්ජිනි සහ මායා, ඔහුගේ ජීවිතයට කරන බලපෑම මොන වගේ වෙයිද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page