top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Sweet Girl (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Netflix කට්ටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු විශිෂ්ඨ චිත්‍රපටි අතරෙත් ඉහලම ස්ථානයක් අරගන්න චිත්‍රපටියක් තමයි Sweet Girl (2021). ගොඩාක් සංවේදී කතාවක් වෙනස් විදියකින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගත්ත උත්සාහයක් තමයි මේ. Jason Momoa රඟපාන නිසාම ආසාවෙන් බලන්න ගත්තත්, චිත්‍රපටියේ කතාවට ඊට වඩා ආකර්ෂණය වුනා කියලා කියන්න පුළුවන්. හොඳ ‍ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනාගන්නත් මේක සමත් වුනා. මේ ලිපිය ලියනවිට IMDB 5.5, Google Users 88% මේකට මනාපය ලබාදීලා තියෙනවා.


Brian Andrew Mendoza විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ Gregg Hurwitz සහ Philip Eisner දෙදෙනා. හරිම ලස්සනට, තාත්විකව, කුතුහලය උපරිමයෙන් තියෙන්න කතාව ලියලා තියෙනවා. රඟපෑමට තෝරගෙන තියෙන්නේත් සුපිරිම චරිත. Jason Momoa (රේ කූපර්), Isabela Merced (රේචල් කූපර්), Manuel Garcia-Rulfo (ආමෝස් සැන්ටෝස්), Lex Scott Davis (සාරා මීකර්) ඇතුලු පිරිසක්. රේචල් කූපර්ගේ චරිතය රඟපාන තරුණ කෙල්ල, මේ චිත්‍රපටිය උඩු යටිකුරු කරලා කිව්වොත් නිවැරදියි.


කතාව දිවෙන්නේ මෙහෙමයි. අමන්දා කූපර් කියන්නේ පිළිකාවකින් දුක් විඳින කාන්තාවක්. ඇයට ලබාදීමට නියමිත වුනු, අලුතෙන් වෙළඳපොලට නිකුත් කිරීමට යෝජනා වෙච්ච ඖෂධයක්, හදිස්සියේ නැවැත්වීමට බලධාරීන් කටයුතු කරනවා. එයින් ඇය ජීවිතක්ෂයට පත්වෙනවා. මේ ගැන කළකිරීමෙන් පසුවෙන රේ කූපර්ට මාධ්‍යවේදියෙක් හමුවී පවසන්නේ ‍විවිධ පගාවන් සහ අකටයුතුකම් රැසක් ගැන තොරතුරු ඇති බව. මේ ගැන රේ කූපර් කුමක්ද කරන්නේ? ඔවුන්ගේ දියණිය, රේචල් කූපර් මේවා දරාගන්නේ කෙසේද? පගාවන් වලට සම්බන්ධ අයට සිදුවන්නේ කුමක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page