top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Fall Guy (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

චිත්‍රපටියක් හදන විදිය ගැන චිත්‍රපටියක් මේ අවුරුද්දේ නිකුත් වුනා. ඒ The Fall Guy (2024). අද මම ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. චිත්‍රපටිය ගලාගෙන යන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක් හදන්න යන එකත් එක්ක. චිත්‍රපටි වල ප්‍රධාන නළුවා සාමාන්‍යයෙන් සටන් ජවනිකා, භයානක ජවනිකා රඟපාන්නේ නෑනේ. ඒ වෙනුවට එයාගේ හැඩරුවට සමීප කෙනෙක්ව යොදාගැනීම තමයි සාමාන්‍ය සිරිත. මේ චිත්‍රපටිය දිවෙන්නේ ඒ සටන් නළුවෙක් ගේ කතාවෙන්.


අපේ ප්‍රධාන සටන් නළුවා, කෝල්ට්, කැමරා ශිල්පිණියක් (ජෝඩි) ගැන ආදරෙන් බැදෙනවා. හැබැයි, මෙයාලා දෙන්නාම තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්නේ නෑ. එක දවසක්, දර්ශණ තලයක භයානක ජවනිකාවක් රූගත කරන අවස්ථාවක සිදුවන අනතුරකට කෝල්ට් ලක්වෙනවා. කතාව වෙනස් වෙන්නේ මෙතැනින්. කෝල්ට් සියළු දේ අතහැර සැඟව යනවා. ජෝඩි, චිත්‍රප‌ටි අධ්‍යක්ෂණයට යොමු වෙනවා. ඉතුරු ටික චිත්‍රපටිය බලලාම දැනගන්න. ආදරය, ප්‍රහසනය, ත්‍රාසය, ක්‍රියාදාම පිරුණු චිත්‍රපටියක්.


වෘත්තියෙන් සටන් නළුවෙක් විදියට සිනමාවට එකතු වුනු David Leitch තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ සත්‍ය අත්දැකීම් නිසා වෙන්න ඇති මේ චිත්‍රපටිය මෙච්චර තාත්වික විදියට නිර්මාණය වෙන්නේ. Glen A. Larson විසින් රචනා කරපු The Fall Guy රූපවාහිනි කතා මාලාව ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Ryan Gosling (කෝල්ට්), Emily Blunt (ජෝඩි), Aaron Taylor-Johnson (රයිඩර්), Hannah Waddingham (ගේල්) ඇතුළු පිරිසක්.


දැන් කාලේ චිත්‍රපටියක් බලන්න කලින් හොයන්නේ මේකේ web ratings කොහොමද කියලානේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.9, Rotten Tomatoes 82%, Meacritic 73%, Google Users 83% තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. ආදායම් වාර්තා අතිනුත් හොඳින් තියෙනවා කියලා තමයි ආරංචි. මේ වෙනකොට ඩොලර් මිලියන 178ක පමණ ආදායමක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටිය නිකුත් කරලා මාස තුනකටත් අඩු කාලයකදී.


එහෙනම් මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න ආරාධනා කරනවා. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල තියෙන අඩුපාඩු, වැරදි, ගුණ දොස්, ගල් මල්, පුළුවන් විදියට අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page