top of page

The Family Plan (2023) සිංහල උපසිරැසි


ඩෑන් මෝගන් කියන්නේ දක්ෂ වාහන විකුණන අයෙක්. පාවිච්චි කල සහ නොකළ වාහන, හොඳ කතා බහකින් පස්සේ, අවශ්‍ය වුනත් නැතත් විකුණන්න මෙයාට තියෙන්නේ ලොකු හැකියාවක්. තමන්ගේ පවුලේ අය එක්ක, සාමකාමී, කාලසටහනකට අනුව ජීවත් වෙන කෙනෙක්. අසල්වැසියෝ පවා, ඉතා අහිංසක, කඩිසර, මිත්‍රශීලී කෙනෙක් විදියට තමයි ඩෑන්ව හඳුන්වන්නේ. එයාගේ පුතා කයිල්, දුව නීනා, බිරිඳ මිචෙල් හැමෝම දන්නේ එහෙමයි.


මේ හැමදේම වෙනස් වෙන්නේ, දවසක් සුපර්මාකට් එකේදී වෙන සිදුවීමක් සමඟින්. ඒ සිද්ධියෙන් පස්සේ, ඩෑන් කියන්නේ ඇත්තටම කවුද කියලා හැමෝටම දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි, මේ කතාව පවුලේ අයගෙන් සඟවාගෙන තමයි ඩෑන් කටයුතු කරන්නේ. මේ හදිසි කරදරයෙන් මිදෙන්න ඩෑන් තෝරගන්නේ, වාහනයෙන් වේගස් යන්න. වාහන චාරිකාවක්. ඉස්සරහාට එයාලාට වෙන දේවල් බලන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


The Family Plan (2023) ප්‍රහසනාත්මක සහ ක්‍රියාදාම පිරිච්ච චිත්‍රපටියක්. Action comedy සිනමා පටයක්. හැබැයි, අපේ රටේ සංස්කෘතියත් එක්ක, මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු විදියට නම් කරන්න කැමතියි.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Simon Cellan Jones විසින්. David Coggeshall ගේ සිතේ නිර්මාණය වුනු කතාවක් තමයි මේ චිත්‍රපටියකට නගලා තියෙන්නේ. Apple TV+ විසින් බෙදාහැරීම් කරපු තවත් චිත්‍රපටියක්. රඟපෑමෙන් දායක වෙනවා, Mark Wahlberg (ඩෑන් මෝගන්), Michelle Monaghan (ජෙසිකා මෝගන්), Zoe Colletti (නීනා මෝගන්), Maggie Q (ග්වෙන්) ඇතුළු පිරිසක්.


මේ චිත්‍රපටියට web ratings ලැබිලා තියෙන්නේ සාමාන්‍යයෙන් වෙනස් විදියකට. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 6.3, Google Users 79% කැමැත්ත දීලා තිබ්බත්, Rotten Tomatoes 26%, Metacritic 39% වගේ අඩු අගයන් තමයි ලබාගෙන තියෙන්නේ.


එහෙනම්, පුරුදු විදියටම, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, පුළුවන් අය, මේ සිංහල උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, හොඳ නරක අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


The Family Plan (2023)
.zip
Download ZIP • 52KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

16 views0 comments
bottom of page